01

E   |     |  

 දිනය: 2020-11-05   පිළිතුර ලබා දී ඇත 

0430/2020: දැදුරු ඔය ව්‍යාපෘතියට පරිත්‍යාග කළ ඉඩම්: වන්දි

430/2020 ගරු ශාන්ත බණ්ඩාර මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ශ්‍රී ලංකාවේ වයඹ පළාත තුළ දැදුරු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) එම ව්‍යාපෘතිය සඳහා වැය කළ/කරන මුදල කවරේද; (ii) ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයාගත් ප්‍රභවයන් කවරේද; (iii) ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කළ පවුල් සංඛ්‍යාව කවරේද; (iv) එම පවුල් සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කළේද; (v) එම පවුල් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් වැයකර තිබෙන මුදල කවරේද; (vi) මේ වනතෙක් වන්දි ගෙවා නොමැති පවුල් සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-05

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)        ඔව්.

(ආ)         (i)      ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.5කි.

              (ii)      මහා භාණ්ඩාගාර අරමුදල් මඟින් මූල්‍ය සම්පාදනය කරනු ලැබ ඇත.

             (iii)      බලපෑමට ලක් වූ පවුල් ගණන 2,631කි.

             (iv)      ඔව්.

              (v)      ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,367කි.

             (vi)      ඔව්.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks