logo

03

E   |     |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0419/2020: වතු ආශ්‍රිතව ජීවත්වන පවුල්වලට ඉඩම් ලබාදීම: රත්නපුර දිස්ත්‍රික්කය

419/2020

ගරු වරුණ ලියනගේ මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන පවුල්  සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඔවුන්ට නිවාස තනා ගැනීම සඳහා ඉඩම් ලබා දී තිබේද;

            (iii)       එසේ නම්, ඉඩම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම පවුල්වලට ලබා දී ඇති ඉඩම්  ප්‍රමාණය කොපමණද;

(v) එසේ ඉඩම් ලබා දී ඇති පවුල්, අයත්වන වතු සමාගම්වල නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉඩම් නොමැති වතු ආශ්‍රිතව ජීවත් වන පවුල් සඳහා ඉඩම් ලබාදීමට රජය ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;

(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පවුල් 21,263යි.

              (ii)      ඔව්.

             (iii)      පවුල් 2,414යි.

             (iv)      අක්කර 177.99යි.

              (v)      අගලවත්ත වැවිලි සමාගම

                        පුස්සැල්ලාව වැවිලි සමාගම

                        හපුගස්තැන්න වැවිලි සමාගම

                        කහවත්ත වැවිලි සමාගම

                        බලන්ගොඩ වැවිලි සමාගම

 

(ආ) (i) ඔව්.

(ii) ඉදිරියේදී අදාළ ප්‍රාදේශීය වැවිලි සමාගම් හා වැවිලි මානව සංවර්ධන භාරය විසින් වතු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව අවශ්‍යතාව පරිදි නිවාස ව්‍යාපෘති හඳුනාගෙන, ඉඩම් නිදහස් කර ගැනීම සඳහා පහත ලේඛන සමඟ වැවිලි අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්වර්ණමය කොටස් හිමිකරුගේ අනුමැතිය ඇතිව ඉඩම් නිදහස් කිරීම සිදු කෙරේ.

  • · අදාළ ප්‍රාදේශීය වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය.
  • · අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය.
  • · ඉඩම් කට්ටි සැලැස්ම.
  • · ප්‍රතිලාභී නාම ලේඛනය.
  • · ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශිත වාර්තාව.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks