පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
419/2020
ගරු වරුණ ලියනගේ මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන පවුල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ට නිවාස තනා ගැනීම සඳහා ඉඩම් ලබා දී තිබේද;
(iii) එසේ නම්, ඉඩම් ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) එම පවුල්වලට ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(v) එසේ ඉඩම් ලබා දී ඇති පවුල්, අයත්වන වතු සමාගම්වල නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉඩම් නොමැති වතු ආශ්‍රිතව ජීවත් වන පවුල් සඳහා ඉඩම් ලබාදීමට රජය ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;
(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-09
අසන ලද්දේ
ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පවුල් 21,263යි.
(ii) ඔව්.
(iii) පවුල් 2,414යි.
(iv) අක්කර 177.99යි.
(v) අගලවත්ත වැවිලි සමාගම
පුස්සැල්ලාව වැවිලි සමාගම
හපුගස්තැන්න වැවිලි සමාගම
කහවත්ත වැවිලි සමාගම
බලන්ගොඩ වැවිලි සමාගම
(ආ) (i) ඔව්.
(ii) ඉදිරියේදී අදාළ ප්‍රාදේශීය වැවිලි සමාගම් හා වැවිලි මානව සංවර්ධන භාරය විසින් වතු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව අවශ්‍යතාව පරිදි නිවාස ව්‍යාපෘති හඳුනාගෙන, ඉඩම් නිදහස් කර ගැනීම සඳහා පහත ලේඛන සමඟ වැවිලි අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්වර්ණමය කොටස් හිමිකරුගේ අනුමැතිය ඇතිව ඉඩම් නිදහස් කිරීම සිදු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks