01

E   |     |  

 දිනය: 2021-03-25   පිළිතුර ලබා දී ඇත 

0354/2021: ශ‍්‍රී ලංකාවේ දිය ඇලි: විස්තර

----

අසන ලද දිනය

2021-03-25

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමීක්ෂණයක් සිදු කර දිය ඇලි 547ක් හඳුනාගෙන ඇත.

              (ii)      නැත.

             (iii)      දිය ඇලි කිසිවක් මේ දක්වා ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

             (iv)      I.        මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සමීක්ෂණය කර හඳුනාගෙන ඇති දිය ඇලි ජාතික පාරිසරික පනත යටතේ දිය ඇලි ලැයිස්තුවක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රතිපාදන නොපවතී.

II. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත තුළ පිහිටි දිය ඇලි සම්බන්ධයෙන් එම ආයතනවලට අදාළ අණ පනත් මඟින් කටයුතු කරනු ඇත.

III. දිය පහරවල් සහ ඒවායේ ජල අයිතිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරනු ලැබේ. ඒ අනුව ඒ ඒ දිය ඇලිවලට සංරක්ෂණ කළමනාකරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම යෝග්‍ය වන අතර, උක්ත ප්‍රදේශ (අංක II) යටතට නොවැටෙන අනෙකුත් දිය ඇලි සංරක්ෂණ හා කළමනාකරණය සම්බන්ධයෙන් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර තීරණවලට එළඹීමට කටයුතු කරනු ලැබේ.

(ආ) (i) මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමීක්ෂණයක් සිදුකර නොමැත.

(ii) දිය ඇලි ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවල සහ දිය ඇල්ලට අදාළ දිය පහරේ ඉවුරු දෙපස රක්ෂිත ප්‍රදේශවල සිදු කෙරෙන එළි පෙහෙළි කිරීම්.

කෘෂි කාර්මික භාවිත  සඳහා සහ වෙනත් භාවිත  සඳහා අනවසරයෙන් දිය ඇලිවලට අදාළ දියපහරවල ඉහළ ප්‍රදේශවලින් ජලය ලබා ගැනීම ආදී මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන බලපෑම්, දිය ඇලි සිඳී යෑමට බලපෑ හැකිය.

(iii) එකී මානව ක්‍රියාකාරකම්, ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ වරදක් වේ නම් ඒ අනුව ජාතික පාරිසරික පනත යටතේ අදාළ වග කිවයුතු  පුද්ගලයන්ට එරෙහිව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුව කටයුතු කිරීම.

(ඇ) (i)  එවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත.

(ii) I. එසේ සිඳී ගිය බවට වාර්තා වන අවස්ථාවලදී විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ඒ අනුව, ඉදිරි කටයුතු සිදුකිරීම අවශ්‍ය වේ.

II. කෙසේ වුවද, මධ්‍යම පරිසර අධිකාරිය විසින් කුඩා පරිමාණ ජල විදුලි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දී ඇති අවස්ථාවලදී දිය ඇලිවල තිරසාර පැවැත්ම තහවුරු කිරීම වස් එම දිය ඇලිවල පාරිසරික ජල ප්‍රවාහයක් පවත්වා ගැනීම (E-flow) උදෙසා වන කොන්දේසි ව්‍යාපෘති යෝජකයන්ට ලබා දී ඇති අතර, පාරිසරික සාධක පසුවිපරම් කිරීම සිදු කරනු ලැබේ.

III. "සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහන යටතේ ජල මූලාශ්‍ර, ගංගා සහ ඒවායේ ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය වනු ඇත. මෙහිදී "සුරකිමු ගංගා" ජාතික පාරිසරික වැඩසටහනේ ක්‍රියාත්මක යාන්ත්‍රණය තුළ පවතින ප්‍රාදේශීය කමිටු, දිස්ත්‍රික් කමිටු සහ ජාතික මෙහෙයුම් කමිටුවලදී දිය ඇලි සංරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරේ.

IV. ජල මූලාශ්‍ර, ඒවායේ රක්ෂිත සහ ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය උදෙසා ඉඩම් අමාත්‍යාංශය මඟින් 2015 වසරේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ජාතික ප්‍රතිපත්තිය සහ එහි සඳහන් ක්‍රියාත්මක සැලැස්ම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වන අතර, ඒ තුළද දිය ඇලිවල තිරසාර පැවැත්ම තහවුරු වනු ඇත.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-03-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks