04

E   |     |  

 දිනය: 2021-05-05   පිළිතුර ලබා දී ඇත 

0324/2021: ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික මීවන විශේෂ: විස්තර

----

අසන ලද දිනය

2021-05-05

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2020 ජාතික රතු දත්ත ලැයිස්තුවට අනුව ආවේණික ඒක දේශික මීවන විශේෂ සංඛ්‍යාව - 42කි.

              (ii)      විශේෂ 28 - උද්භිද විද්‍යාත්මක නාමයන් පහත දක්වා ඇත.

1.      Selaginella latifolia (Hook. & Grev.) Spring

2.      Hymenophyllum macroglossum Bosch

3.      Alsophila hookeri (Thwaites) R.M.Tryon

4.      Alsophila sinuata (Hook. & Grev.) R.M. Tryon Gini-hota, Gini-watara

5. Alsophila sledgei (Ranil, Pushpakumara & Fraser-Jenk) Ranil Gini-hota, Gini-watara

6. Alsophila srilankensis (Ranil) Ranil  Gini-hota, Gini-watara

7. Alsophila walkerae (Hook.) J.Sm. Gini-hota, Gini-watara

8. Lindsaea schizophylla (Baker) Christ

9. Asplenium longipes Fée

10. Deparia polyrhiza (Baker) Seriz.

11. Deparia thwaitesii (A.Braun ex Mett.) Christenh.

12. Deparia zeylanica (Hook) M. Kato

13. Diplazium paradoxum Fée

14. Christella sledgei (Fraser-Jenk.) Ranil

15. Metathelypteris dassanayake (Fraser-Jenk.) Ranil

16. Bolbitis subcrenata (Hook. & Grev.) Ching

17. Ctenitis thwaitesii Holttum

18. Dryopteris deparioides (T/Moore) Kuntze

19. Dryopteris obtusiloba (Baker) Kuntze

20. Elaphoglossum ceylanicum Krajina ex Sledge

21. Polystichum anomalum (Hook. & Arn.) J.Sm.

22. Tectaria thwaitesii (Bedd.) Ching

23. Ctenopterella cornigera (Baker) Parris

24. Ctenopterella thwaitesii (Beddome) Parris

25. Oreogrammitis medialis (Baker) Parris

26. Oreogrammitis sledge (Parris) Parris

27. Oreogrammitis wallii (Bedd.) Parris

28. Prosaptia ceylanica Parris

 

(iii) වඳවී ගොස් ඇති කාණ්ඩයට (extinct-EX) අයත් ඒක දේශික මීවන විශේෂ නොමැති අතර වඳවී ගොස් ඇති බවට සැක කරන කාණ්ඩයට {critically endangererd probably extinct -CR(PE)} අයත් ඒක දේශික මීවන විශේෂ 04ක් හඳුනා ගෙන ඇත. (2020 ජාතික රතු දත්ත ලැයිස්තුව)

 

1. Asplenium disjunctum Sledge

2. Pronephrium gardneri Holttum

3. Dryopteris undulata (Bedd.) Kuntze

4. Leptochilus wallii (Baker) C.Chr.

 

 

(ආ) (i) ජාතික ශාකාගාරයේ, මීවන එකතුවේ තැන්පත් කර ඇති නිදර්ශක අධ්‍යයනය කර විශ්ලේෂණය කොට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය ආර්.එච්.ජී. රනිල් මහතා විසින් 2016 වසරේ දී ඒක දේශික මීවන විශේෂ ලැයිස්තුව යාවත්කාලීන කර ඇත.

Reference - Ranil, R.H.G., Fraser-Jerkins, C.R., Pushpakumara, D.K.N.G., Wijesundara, D.S.A. Parris, B.S. (2016). The endemic Pteridophyte flora of Sri Lanka: taxonomy, geographical distribution and conservation status. Indian Fern Journal 33: 1-136

ඊට අමතරව, 2020 ජාතික රතු දත්ත ලැයිස්තුව සැකසීමේදී අදාළ දත්ත විශ්ලේෂණය සඳහා වූ කාර්යයන් සඳහා තවදුරටත් මෙම ලැයිස්තුව සමීක්ෂණය කර යාවත්කාලින කරන ලදී.

(ii) ඉහත දක්වා ඇත.

(iii) අදාළ නොවේ.

 

(ඇ) (i) ක්‍රියාමාර්ග ගෙන තිබේ.

(ii) ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති උද්භිද උද්‍යාන තුළ ආවේණික හා ඒක දේශික මීවන විශේෂ විතැන් සංරක්ෂණය කර ඇති අතර ජාතික ශාක ගවේෂණ වැඩසටහන යටතේ සිදුකරනු ලබන ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතුවලදී සොයා ගන්නා තර්ජනයට ලක් වූ මීවන විශේෂ ඉදිරි සංරක්ෂණය කටයුතු සඳහා පැල තවාන් තුළ නඩත්තු කරයි.

(iii) අදාළ නොවේ

.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks