පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
304/2020
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2020 වර්ෂය තුළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා අපයෝජන පැමිණිලි සංඛ්‍යාව;
(ii) ඒ අතරින් පරීක්ෂණ අවසන් කර ඇති පැමිණිලි සංඛ්‍යාව;
(iii) පරීක්ෂණ අවසන් කළ පැමිණිලි අතරින් චෝදනා ගොනු කළ පැමිණිලි සංඛ්‍යාව;
(iv) පැමිණිල්ලක් ලැබී, පරීක්ෂණයක් සිදු කර, චෝදනා ගොනු කිරීමට හෝ පැමිණිල්ල නිෂ්ප්‍රභ කිරීමට සාමාන්‍යයෙන් ගත වන කාලය;
(v) පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මෙම පැමිණිලිවලට සම්බන්ධ ළමා වින්දිතයන් අතරින් —
(i) සිය පවුල් ඒකකය සමඟ සිටින සංඛ්‍යාව;
(ii) පවුල් ඒකකයෙන් ඉවත් කර ඇති සංඛ්‍යාව;
(iii) එසේ ඉවත් කිරීමෙන් පසුව ඔවුන්ව රඳවා තබන ස්ථාන;
(iv) තම අධ්‍යාපන කටයුතුවල (විධිමත් හා/හෝ අවිධිමත්) පෙර පරිදි අඛණ්ඩව නිරත වන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස;
(v) නිසි පුහුණුව ලත් පුද්ගලයන් විසින් මනෝවිද්‍යාත්මක, සාමාජීය සහය ලබා දී ඇති ළමුන් සංඛ්‍යාව;
කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) පැමිණිලිවලට සම්බන්ධ ළමා වින්දිතයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-06
අසන ලද්දේ
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 6,063කි. (2020.01.01 දින සිට 2020.09.23 දින දක්වා)
(ii) 3,900කි.
(iii) 303කි.
පැමිණිලි සංඛ්‍යාව 6,063යි. ඒ අතරින් පරීක්ෂණ අවසන් කර ඇති සංඛ්‍යාව 3,900යි. මෙය සතුටුදායක ප්‍රමාණයක් නොවෙයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා, ගරු මන්ත්‍රීතුමියනි.
(iv) සිද්ධිය අනුව කාලසීමාව වෙනස් වේ. එබැවින්, නිශ්චිත කාලසීමාවක් දැක්විය නොහැකියි. සිද්ධියෙන් සිද්ධියට කාලසීමාව වෙනස් වනසුළු තත්ත්වයක් තිබෙනවා.
(v) ඔව්.
· දිවයින පුරා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 9ක් පළාත් මට්ටමින් ඇති කිරීමට කටයුතු සිදු කිරීම.
· දිවයින පුරා ළමා අපයෝජනවලට අදාළව නීති ක්‍රියාත්මක කිරීම සඳහා යොමුවන පොලිස් නිලධාරින්ට විධිමත් පුහුණුවක් ලබා දීම.
· සියලු පොලිස් ස්ථාන වෙත වාර්තා වන ළමා අපයෝජනවලට අදාළ ප්‍රථම වාර්තා පැය 24ක් ඇතුළත අධිකාරියට වාර්තා කරලීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කිරීම හා ඒ පිළිබඳව අධීක්ෂණය සිදු කිරීම.
· පළාත් නවය සඳහා ළමා මහෙස්ත්‍රාත් අධිකරණ නවයක් පිහිටුවීමට සැලසුම්කොට ඇත. (බත්තරමුල්ල හා යාපනය ළමා මහෙස්ත්‍රාත් අධිකරණ දෙක පමණක් දැනට ක්‍රියාත්මක වේ.)
· පළාත් නවය සඳහා ළමා මහාධිකරණ නවයක් පිහිටුවීමට සැලසුම්කොට ඇත. (අනුරාධපුරය ළමා මහාධිකරණය පමණක් දැනට ක්‍රියාත්මක වේ.)
(ආ) (i) 5,667කි.
(ii) 396කි.
(iii) රඳවා තබන ස්ථාන 02කි. එනම්,
1. විශ්වාසවන්ත ඥාතීන් සමඟ
2. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල
(iv) සියයට 90.3කි. (පාසල් නොයන සංඛ්‍යාව 552කි.)
(v) 774කි.
(ඇ) ඔව්.
සිද්ධි සමාලෝචන වැඩසටහන් පවත්වා වින්දිත දරුවන් සුදුසු භාරකාරිත්ව යටතට පත් කිරීමට අවශ්‍ය සහාය ලබා දීම.
ලැබෙන පැමිණිලි අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීම.
ළමා පියස 09ක් පළාත් මට්ටමින් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත.
බිලිඳුන් භාර ගැනීමේ කවුළු 09ක් යෝජනා කර තිබීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks