පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-10-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව මෙරට වාර්ෂික බුලත් අපනයන ප්‍රමාණයෙන් සියයට 95කටත් වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන්නේ පාකිස්තානයටයි.
(ii) ඔව්.
බුලත් යනු, ශ්‍රී ලංකාව පුරා වැඩෙන සදාහරිත, බහු වාර්ෂික වැල් ශාකයකි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මෙන් බුලත් වගා කළ හැකි අතර, කඳුරට ප්‍රදේශයේ ඉතා ඉහළ උච්චත්වයක් ඇති ප්‍රදේශ හැරුණු විට පහතරට හා මැදරට ප්‍රදේශවල පහසුවෙන් වගා කිරීමටත්, සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලබා ගැනීමටත් හැකි වේ. කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, කළුතර හා කොළඹ ප්‍රදේශවල අපනයනය සඳහා කළු බුලත් වගා කිරීමට ඉතාම සුදුසු පාංශු හා කාලගුණික සාධක පවතී.
(ආ) (i) ඔව්.
(ii) (a) ප්‍රරෝහණ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මව් ශාක උද්‍යාන පිහිටුවීම හා පවත්වාගෙන යෑම.
මේ මඟින් වගාකරුවන්ට ගුණනය කර ගැනීම සඳහා අවශ්‍ය බුලත් දලු ලබා දීමට කටයුතු යොදා ඇත. එසේම දිස්ත්‍රික් මට්ටමින් අවශ්‍ය බුලත් දලු ලබා දීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරගෙන යනු ලැබේ. මේ වන විට අතුරු වගා හා බුලත් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මව් ශාක උද්‍යාන හතක් පමණ පවත්වාගෙන යනු ලබන අතර, පර්යේෂණ මධ්‍යස්ථානයේ මෑතකදී නිදහස් කරන ලද නව බුලත් ප්‍රභේද දෙකක් වන "නාරම්මලී" හා "නාරම්මතී" යන ප්‍රභේද සඳහා වන නව මව් ශාක උද්‍යාන ද මීට ඇතුළත් වේ.
(විස්තර වගු අංක 1 සහ 2 යටතේ පහත දක්වා ඇත.)
වගුව 1:
මව් ශාක උද්‍යාන මඟින් වරකට අපේක්ෂිත මව් දලු ප්‍රමාණ පිළිබඳ දත්ත
|
මව් ශාක උද්‍යානය |
මව් ශාක ඉනි ප්‍රමාණය |
වරකට අපේක්ෂිත මව් දලු ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
1 |
300 |
1,200 |
|
2 |
135 |
270 |
|
3 |
60 |
240 |
|
4 |
40 |
160 |
|
5 |
200 |
400 |
|
6 |
200 |
400 |
|
7 |
440 |
880 |
|
එකතුව |
3,550 |
|
වගුව 2:
ගොවීන් වෙත නිකුත් කර ඇති මව් දලු පිළිබඳ දත්ත
|
වර්ෂය |
ලබා දී ඇති බුලත් දලු ප්‍රමාණය |
නිර්දේශිත ප්‍රමිතියෙන් සැකසිය හැකි දලු ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
2017 |
6,460 |
12,920 |
|
2018 |
12,052 |
24,104 |
|
2019 |
8,424 |
16,848 |
|
2020 |
8,005 |
16,010 |
|
2021 ජූලි මාසය දක්වා |
3,479 |
7,958 |
(b) බුලත් සහ අනෙකුත් අතුරු භෝග සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම
බුලත් සහ අනෙකුත් අතුරු භෝග සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික උපදෙස් පර්යේෂණ මධ්‍යස්ථානයට පැමිණ හෝ දුරකථන මාර්ගයෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලස්වා ඇත. එමෙන්ම වගාකරුවන්ගේ ඉල්ලීම් මත තාක්ෂණික දැනුම ලබා දීම සඳහා පර්යේෂණ මධ්‍යස්ථානයේ හෝ රටේ විවිධ ප්‍රදේශවල පුහුණු සැසි පවත්වනු ලැබේ.
(විස්තර වගු අංක 3 සහ 4 යටතේ පහත දක්වා ඇත.)
වගුව 3:
තාක්ෂණික උපදෙස් ලබාදීම පිළිබඳ දත්ත
|
වර්ෂය |
පැමිණ උපදෙස් ලබා ගැනීම |
දුරකථනයෙන් උපදෙස් ලබා ගැනීම |
|
2017 |
192 |
297 |
|
2018 |
103 |
118 |
|
2019 |
780 |
1,820 |
|
2020 |
292 |
1,672 |
|
2021 |
110 |
504 |
වගුව 4:
පුහුණු සැසි පැවැත්වීම පිළිබඳ දත්ත
|
වර්ෂය |
පුහුණු සැසි |
සහභාගීත්වය |
|
2017 |
16 |
809 |
|
2018 |
15 |
372 |
|
2019 |
16 |
475 |
|
2020 |
5 |
123 |
|
2021 |
2 |
48 |
(ඇ) (i) වර්ෂය - 2015
අපනයන ප්‍රමාණය - මෙට්‍රික්ටොන් 2,403.7
අපනයන ආදායම - රුපියල් මිලියන 1,235.3
වර්ෂය - 2016
අපනයන ප්‍රමාණය - මෙට්‍රික්ටොන් 1,955.7
අපනයන ආදායම - රුපියල් මිලියන 1,126.1
(ii) ඔව්.
(iii) 01. බුලත් වගාකරුවන්හට වගාව සම්බන්ධයෙන් ඇති වන ගැටලු සඳහා පිළියම් ලෙස වැඩිදියුණු කළ ප්‍රභේද සඳහා මව් ශාක උද්‍යාන ස්ථාපනය කිරීම.
02. නව ප්‍රභේදවල රෝපණ ද්‍රව්‍ය ගුණනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීම.
03. දිස්ත්‍රික් මට්ටමින් බුලත් මව් ශාක උද්‍යාන පිහිටුවීමට සැලසුම් කිරීම.
04.විකල්ප ආධාරක වර්ග හඳුන්වා දීම.
05.බුලත් පාත්ති ක්‍රමය මෙන්ම කොවුල් ක්‍රමයට වගා කිරීම ප්‍රවර්ධනය කිරීම.
06.අපනයන කෘෂි භෝග කාලගුණ විපර්යාසවලට අනුහුරු කරවීම සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රම හඳුන්වා දීම.
07. ජල සම්පාදන පද්ධති සඳහා ආයෝජන ආධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම. (වගු අංක 5 යටතේ විස්තර දක්වා ඇත.)
වගුව 5:
ජල සම්පාදන පද්ධති සඳහා ආයෝජන ආධාර ක්‍රමය
|
වගාවේ වපසරිය |
ලබා දෙන උපරිම මුදල (රුපියල්) |
|
අක්කර 0.25 (හෙක්ටෙයාර 0.1) |
40,000.00 |
|
අක්කර 0.5 (හෙක්ටෙයාර 0.2) |
50,000.00 |
|
අක්කර 0.75 (හෙක්ටෙයාර 0.3) |
60,000.00 |
|
අක්කර 01 (හෙක්ටෙයාර 0.4) |
80,000.00 |
|
ජල සම්පාදන පද්ධතිය අක්කර 01 (හෙක්ටෙයාර 0.4) වඩා වැඩි භූමියක/වපසරියක ස්ථාපනය කර ඇති විට අක්කර 05 (හෙක්ටෙයාර 2) උපරිමයක් දක්වා අක්කර 01 සඳහා ගෙවන මුදලට අමතරව වැඩි වන සෑම අක්කර 0.25 (හෙක්ටෙයාර 0.1) ක් සඳහාම රුපියල් 10,000.00ක් බැගින් ගෙවිය හැකි වේ. |
|
08. අපනයන කෘෂි භෝගවලට සිදු විය හැකි පළිබෝධ/සත්ත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/පද්ධති හඳුන්වා දීම.
09. පළිබෝධ/සත්ත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/පද්ධතිය සඳහා ආයෝජන ආධාර ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම. (වගු අංක 6 යටතේ විස්තර දක්වා ඇත.)
වගුව 6:
පළිබෝධ/සත්ත්ව හානි වළක්වා ගැනීමේ උපාංග/පද්ධතිය සඳහා ආයෝජන ආධාර ක්‍රම
|
වපසරිය |
අ.කෘ.දෙ. මඟින් ගෙවන මුදල (රුපියල්) |
|
අක්කර 0.25 (හෙක්ටෙයාර 0.1) |
22,500.00 |
|
අක්කර 0.5 (හෙක්ටෙයාර 0.2) |
25,000.00 |
|
අක්කර 0.75 (හෙක්ටෙයාර 0.3) |
27,500.00 |
|
අක්කර 01 (හෙක්ටෙයාර 0.4) |
30,000.00 |
|
අක්කර 01 (හෙක්ටෙයාර 0.4) ට වඩා වැඩි ඉඩම් සඳහා පද්ධතිය සවි කර ඇති විට අක්කර 05 (හෙක්ටෙයාර 2) ක උපරිමය දක්වා වැඩි වන සෑම අක්කරයකටම රුපියල් 10,000.00 බැගින් ගෙවිය හැකිය. අක්කරයකට අඩු කොටස් වශයෙන් වැඩි වන විට අනුපාතිකව ගණනය කර ගෙවිය යුතුය. |
|
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks