01

E   |     |  

 දිනය: 2021-06-22   පිළිතුර ලබා දී ඇත 

0277/2021: ගස්ලබු නිෂ්පාදනය: විස්තර

----

අසන ලද දිනය

2021-06-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

 

 

 

(මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව)

 

              (ii)      ඔව්.

             (iii)      වැඩි අස්වනු ලබාදෙන ගුණාත්මකභාවයෙන් ඉහළ දේශීය පැපොල් දෙමුහුම් ප්‍රභේද නිෂ්පාදනය.

2015 වසරේදී හොරණ පපායා හයිබ්‍රිඩ් - 1 නමින් දේශීය පැපොල් ප්‍රභේදයක් වගාව සඳහා නිර්දේශ කර නිදහස් කර ඇත.

  • දේශීය බීජ නිෂ්පාදනය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  • ව්‍යාප්ති කාරක සහ ගොවි මහත්වරුන් සඳහා පුහුණු වැඩසටහන් සිදුකිරීම.
  • වගාව සම්බන්ධ දැනුවත් කිරීම සහ ගැටලු සඳහා උපදෙස් ලබා දීම.
  • පලතුරු ගම්මාන ව්‍යාපෘතිය යටතේ ගම්මාන කිහිපයක පැපොල් වගාව ව්‍යාප්ත කිරීම.
  • වගාව සඳහා වැඩිදියුණු කරන ලද නව තාක්ෂණික ක්‍රම ඇතුළත් වන සේ ක්ෂේත්‍ර ආදර්ශන පිහිටුවීමෙන් ගොවීන් දැනුවත් කිරීම සඳහා නව ව්‍යාපෘතියක් 2021 වසර සඳහා සැලසුම් කිරීම.

(ආ) (i)

1. දේශීය දෙමුහුම් ප්‍රභේද 1කි.

  • හොරණ පපායා හයිබ්‍රිඩ් - 1

2. විදේශ රටවලින් ආනයනය කරන ලද දෙමුහුම් බීජවලින් වගා කරන ප්‍රභේද 8ක් පමණ ඇත.

  • රෙඩ් ලේඩි
  • ටැනින්
  • සන් රයිස් සොලෝ
  • සින්ටා
  • සන් ලේඩි
  • රෙඩ් ඩයමන්ඩ්
  • වේගා
  • මැරඩෝනා

(මේ අතරින් රෙඩ් ලේඩි සහ ටැනින් යන ප්‍රභේද ප්‍රධාන වශයෙන් වගා කරනු ලැබේ.)

(ii) 

  • වියළි කලාපය  -  පුත්තලම, හම්බන්තොට, අනුරාධපුරය, යාපනය
  • අතරමැදි කලාපය -  කුරුණෑගල, මාතලේ
  • තෙත් කලාපය  - ගාල්ල, මාතර, කළුතර, රත්නපුර

 

(ඇ) (i)  ඔව්.

(ii) 

 

වර්ෂය

ආනයන වියදම (රුපියල් මිලියන)

2018

   6,016

2019

796,249

(මූලාශ්‍රය:  ශ්‍රී ලංකා රේගුව)

 

(iii)  ඔව්.

 

(iv) 

වර්ෂය

අපනයන ආදායම (රුපියල් මිලියන)

2018

   573.80

2019

1,029.13


(මූලාශ්‍රය:  ශ්‍රී ලංකා රේගුව)

 

(ඈ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks