01

E   |     |  

 දිනය: 2021-10-05   පිළිතුර ලබා දී ඇත 

0257/2021: ලියාපදිංචි ක්‍රීඩා සංගම්: මූල්‍ය පාලනය විධිමත් කිරීම

----

අසන ලද දිනය

2021-10-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පසුගිය වසර 3 තුළ නිවැරදිව විගණන වාර්තා ඉදිරිපත් කර ඇති ක්‍රීඩා සංගම් සංඛ්‍යාව 39ක් වන අතර, ඒවායෙහි නම් පහත පරිදි වේ.

                            1)              ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය

                            2)              ශ්‍රී ලංකා රග්බි සංගමය

                            3)              ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය

                            4)              ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය

                            5)              ශ්‍රී ලංකා ක්‍රිකට්

6) ශ්‍රී ලංකා බිලියඩ් හා ස්නූකර් සංගමය

7) ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය

 8) ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය

9) ශ්‍රී ලංකා තුරඟ සංගමය

10) ශ්‍රී ලංකා ස්කෝෂ් සම්මේලනය

11) ශ්‍රී ලංකා ටෙනිස් සංගමය

12) ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය

 13) ජාතික ආබාධිතයන්ගේ ක්‍රීඩා සම්මේලනය

14) ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය

15) ශ්‍රී ලංකා දුනුවිදීමේ සංගමය

16) ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය

 17) ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සම්මේලනය

18) ශ්‍රී ලංකා වූෂු සම්මේලනය

19) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය

 20) ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය

21) ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ සම්මේලනය

22) ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය

23) ශ්‍රී ලංකා මොඩර්න් පෙන්ටැත්ලෝන් සම්මේලනය

24)  ශ්‍රී ලංකා කෝ කෝ සම්මේලනය

25) ශ්‍රී ලංකා කූදෝ සම්මේලනය

26) ශ්‍රී ලංකා ජාතික කැනොයින් සහ කායකින් සංගමය

27) ශ්‍රී ලංකා මුයිතායි සංගමය

28) ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය

29) ජාතික රයිෆල් සංගමය

30) ශ්‍රී ලංකා ආධුනික කබඩි සම්මේලනය

31) ආධුනික සැහැල්ලු පන්දු බේස්බෝල් සම්මේලනය

32) ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය

33) ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය

34) ශ්‍රී ලංකා කැරම් සම්මේලනය

35) ශ්‍රී ලංකා ජාතික කඳු නැඟීමේ සංගමය

36) ශ්‍රී ලංකා ජූඩෝ සංගමය

37) ජාතික ජිම්නාස්ටික් සංගමය

38) ශ්‍රී ලංකා හොකී සම්මේලනය

39) ශ්‍රී ලංකා චෙස් සම්මේලනය

(ii) විගණන වාර්තා ලබා නොදුන් ඉතිරි සංගම් 21 සඳහා එම අදාළ සංගම්හි මූල්‍ය පාලනය විධිමත් කිරීමට 2020.03.10 දින නිකුත් කරන ලද අංක 2166/9 දරන ගැසට් නිවේදනයේ 5(4) (න) වගන්තියට අනුව පරීක්ෂණ කමිටුවක් පත් කර ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු යොදා ඇත.

තවද, එම පරීක්ෂණ කමිටුව මඟින් විගණන වාර්තා ලබා නොදුන් සංගම් 21ක් වෙත ක්‍රීඩා රෙගුලාසි අනුව දඬුවම් පැමිණවීමට කටයුතු සිදු කර ඇත. එමෙන්ම, සියලුම සමිති සඳහා අභ්‍යන්තර විගණන ඒකකයක් ස්වාධීන කොට අභ්‍යන්තර විගණකවරයකු පත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන ඒකකය මඟින් ද අදාළ ව්‍යවස්ථාවන්හි දී අභ්‍යන්තර විගණන පරීක්ෂණ සිදු කරනු ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks