බලන්න

04

E   |     |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0254/2020: ග්‍රේට් වැලි වතුයායට අයත් ඉඩම්: විස්තර

254/2020

ගරු වේලු කුමාර් මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        ග්‍රේට් වැලි වතුයාය, මහනුවර දිස්ත්‍රික්කයේ, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුයායක් බව එතුමා දන්නෙහිද? 

(ආ)        (i)       1992 දී රජය සතුව පැවති වතු ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේදී මෙම වතුයායට අයත්ව තිබූ කොටස් (Divisions) සංඛ්‍යාව කොපමණද;

(ii) එම කොටස්වල නම් කවරේද;

(iii) 2015 වනවිට අතහැර දැමූ හෝ වසා දමා ඇති කොටස් තිබේද;

(iv) එසේ නම්, එම කොටස්වල ඉඩම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) 1992 සිට 2015 දක්වා කාලයේ දී මෙම වතුයායට අයත් ඉඩම්, කර්මාන්ත ශාලාව සහ වෙනත් ගොඩනැගිලි බාහිර පාර්ශ්වයට / පුද්ගලික අංශයට ලබා දුන්නේද;

(ii) එම විස්තර කවරේද;

(iii) අවසන් වරට සිදුකළ සංගණනයට අනුව වගා කළ ඉඩම් හා වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           මහනුවර දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ග්‍රේට්වැලි වතුයාය ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු වේ.

           1986 සැප්තැම්බර් 02 දිනැති අංක 417/9 දරන ගැසට් පත්‍රය මඟින් හෙක්ටෙයාර 500.50ක් පැවරී ඇත.

(ආ)         (i)      කොටස් හතරකි.

              (ii)

                        1. ග්‍රේට්වැලි

                        2.  බැටවීර

                        3. පට්ටියගම

4. ලිට්ල්වැලි

(iii) නැත.

එසේ වුවද, සම්පූර්ණ කොටස් ලෙස අතහැර දමා නැති නමුත් ඇතැම් කොටස්වල -divisions- යම් ක්ෂේත්‍රවල (fields)  ප්‍රධාන වගාව  ඉවත් කර ඇත.

(iv) එසේ ප්‍රධාන වශයෙන් ඉවත් කර ඇති ක්ෂේත්‍ර ප්‍රමාණය අක්කර 55.27.

(ඇ) (i) ඔව්.

(ii) 1. ග්‍රේට්වැලි කොටසින් අක්කර 26ක් වසර 30ක කාලයක් සඳහා වයිඩ් ෆ්ලවර් හෝල් ලංකා (පුද්ගලික) සමාගම වෙත 2000.07.05 දින බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රුපියල්  132,000.00)

2. ග්‍රේට්වැලි කොටසින් පර්චස් 15.5ක් 2007.12.01 දින එටිසලාට් පුද්ගලික සමාගම වෙත වසර 10ක කාලයක් සඳහා බදු දී තිබුණි. (වාර්ෂික බදු මුදල රුපියල් 50,000.00කට යටත්ව බදු ගිවිසුම දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.)

3. ලිට්ල්වැලි කොටසින් අක්කර 50ක් බිෂ්කෝන් ඒෂියා පුද්ගලික සමාගම වෙත 2012.09.13 දින වසර 30ක කාලයක් සඳහා බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රුපියල්  1,260,000.00)

4. බටහිර කොටසින් අක්කර 45ක් 2012.10.19 දින වසර 30ක කාලයක් සඳහා නා සෙවණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනයට බදු දී ඇත. (වාර්ෂික බදු මුදල රුපියල් 90,000.00)

(iii) වගා කළ ඉඩම් ප්‍රමාණය අක්කර 149.86

වගා නොකළ ඉඩම් ප්‍රමාණය අක්කර 507.49

මෙම වතුයායේ දැනට හෙක්ටෙයාර 78.08ක ප්‍රධාන වගාව ලෙස දළු නෙළමින් පවතින අතර හෙක්ටෙයාර 1.05ක නව වගාවක්ද හෙක්ටෙයාර 22.00ක වෙනත් වගාවක්ද ඇත.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks