01

E   |     |  

 දිනය: 2020-10-08   පිළිතුර ලබා දී ඇත 

0253/2020: Details of Bogil estate

253/2020

ගරු වේලු කුමාර් මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        බෝහිල් වත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතුයායක් බව එතුමා දන්නෙහිද? 

(ආ)        (i)       1992 දී රජය සතුව පැවති වතු ප්‍රතිසංස්කරණය කළ අවස්ථාවේදී මෙම වතුයායට අයත්ව තිබූ කොටස් (Divisions) සංඛ්‍යාව කොපමණද;

(ii) එම කොටස්වල නම් කවරේද;

(iii) 2015 වනවිට අතහැර දැමූ හෝ වසා දමා ඇති කොටස් තිබේද;

(iv) එසේ නම්, එම කොටස්වල ඉඩම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) 1992 සිට 2015 දක්වා කාලයේ දී මෙම වතුයායට අයත් ඉඩම්, කර්මාන්ත ශාලාව සහ වෙනත් ගොඩනැගිලි බාහිර පාර්ශ්වයට / පුද්ගලික අංශයට ලබා දුන්නේද;

(ii) එම විස්තර කවරේද;

(iii) අවසන් වරට සිදුකළ සංගණනයට අනුව වගා කළ ඉඩම් හා වගා නොකළ ඉඩම් ප්‍රමාණය කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-08

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           මහනුවර දිස්ත්‍රික්කයේ බෝහිල් වතුයාය ජනතා වතු  සංවර්ධන  මණ්ඩලයට අයත් වේ.

(ආ)         (i)      කොටස් දෙකකි.

              (ii)      බෝහිල් කොටස

                        බාරන්ඩා  කොටස

             (iii)      නැත. ඇතැම් කොටස්වල නිසරු ක්ෂේත්‍ර අතහැර  දමා ඇත.

             (iv)      බාරන්ඩා  කොටස අක්කර 83.98

                          ‍බෝහිල්  කොටස අක්කර 49.40

(ඇ) (i)      ඔව්.

(ii) * සන්ටැක් පවර් පුද්ගලික සමාගම වෙත අක්කර 09ක් 2004/02/12 දින සිට වසර  50ක කාලයක්   සඳහා බදු දී ඇත.

* බෝහිල් හයිඩ්රෝ පවර් පුද්ගලික සමාගම වෙත අක්කර 7.41ක් 2007/06/01 දින  සිට වසර  30ක කාලයක් සඳහා  බදු පදනම  මත  ලබා දී ඇත.

(iii)      2019 වසරේදී,

* වගා කළ ඉඩම් ප්‍රමාණය  අක්කර 185.25

* වගා නොකළ ඉඩම් ප්‍රමාණය අක්කර 400.14

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks