01

E   |     |  

 දිනය: 2021-06-08   පිළිතුර ලබා දී ඇත 

0246/2021: 2015-2019 දක්වා ආනයනය කළ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන: විස්තර

246/2020

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ —

              (i)       ශ්‍රී ලංකාවට  ආනයනය කළ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය කොපමණද;

             (ii)       ඒ සඳහා වැය වූ මුදල කොපමණද;

            (iii)       එම  කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන  ආනයනය කළ රටවල් කවරේද;

(iv) එම  කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන  ආනයනය කළ සමාගම්වල නම් කවරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2021-06-08

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

වර්ෂය

ප්‍රමාණය (කිලෝග්‍රෑම්)

2015

                             86,327,485

2016

                             99,593,434

2017

                             98,863,895

2018

                           104,861,871

2019

                             98,837,755

මුළු ප්‍රමාණය

(මිලියන 488.48)   488,484,440

 

 

              (ii)       

වර්ෂය

වටිනාකම (රුපියල්)

2015

53,080,359,426

2016

60,833,456,838

2017

66,147,191,492

2018

71,393,961,149

2019

73,776,921,807

මුළු වටිනාකම

(රු. බිලියන 325.23)     325,231,887,712

(iii) ඇමුණුම 01හි දක්වා ඇත.

(iv)    ඇමුණුම 02හි දක්වා ඇත.

 

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

 

 

(ආ) මුළු මුදල රුපියල් 325,231,887,712 (රුපියල්                       බිලියන 325.23)

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks