01

E   |   த   |  

 දිනය: 2021-02-24   පිළිතුර ලබා දී ඇත 

0236/2021: 2015-2019 දක්වා පොල් තෙල් ආනයනය: විස්තර

----

අසන ලද දිනය

2021-02-24

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ පොල් තෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 23,647,479ක් වන අතර, විස්තර ඇමුණුම 01හි දක්වා ඇත.

              (ii)      ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ පොල් තෙල් ප්‍රමාණය සඳහා වැය වූ මුදල රුපියල් 6,094, 496,987ක් වන අතර, ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව පොල් තෙල් ආනයනය කළ රටවල් පිළිබඳ සම්පූර්ණ විස්තර ඇමුණුම 03හි දක්වා ඇත.

(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව එම පොල් තෙල් ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුම 04හි දක්වා ඇත.

ඇමුණුම් සභාගත* කරමි.

 

(ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව එම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පොල් තෙල් ආනයනය සඳහා වැය වූ මුළු මුදල රුපියල් 6,094,496,987කි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-05-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks