01

E   |   த   |  

 දිනය: 2021-01-21   පිළිතුර ලබා දී ඇත 

0229/2021: 2015-2019 දක්වා කිරි පිටි ආනයනය: විස්තර

----

අසන ලද දිනය

2021-01-21

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ගරු කථානායකතුමනි, දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාවට කිරි පිටි ආනයනය කරනවා. ඒ අනුව, 2010-2014 කාල පරිච්ඡේදය තුළ ලංකාවට ආනයනය කර තිබෙනවා, කිරි පිටි කිලෝග්‍රෑම් මිලියන 368ක්. 2015-2019 කාල පරිච්ඡේදය තුළ ලංකාවට ආනයනය කර තිබෙනවා, කිරි පිටි කිලෝග්‍රෑම් මිලියන 461ක්.

                        මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ කිරි පිටි ප්‍රමාණය කිලෝග්‍රෑම් 461,673,464ක් වන අතර, වාර්ෂිකව ආනයනය කළ ප්‍රමාණය මෙසේය:

2015 වර්ෂයේ

කිලෝග්‍රෑම් 81,759,019

2016 වර්ෂයේ

කිලෝග්‍රෑම් 94,010,779

2017 වර්ෂයේ

කිලෝග්‍රෑම් 93,126,980

2018 වර්ෂයේ

කිලෝග්‍රෑම් 99,027,716

2019 වර්ෂයේ

කිලෝග්‍රෑම් 93,748,970

(ii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව වර්ෂ 2015 - 2019 කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයන කළ කිරි පිටි සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් 213,008,608,522ක් වනවා. එනම්, රුපියල් මිලියන දෙලක්ෂ දහතුන්දහස් අටක් පමණ වනවා. වාර්ෂිකව ඒ සඳහා වැය වූ මුදල පහත වගුවෙහි දක්වා තිබෙනවා.

2015 වර්ෂයේ

රුපියල් 31,841,808,983

2016 වර්ෂයේ

රුපියල් 33,635,372,737

2017 වර්ෂයේ

රුපියල් 44,881,389,429

2018 වර්ෂයේ

රුපියල් 50,290,341,767

2019 වර්ෂයේ

රුපියල් 52,359,695,636

නමුත්,  2010 - 2014 කාල පරිච්ඡේදය තුළ කිරි පිටි ආනයනයට වැය කළේ රුපියල් මිලියන එක්ලක්ෂ හැත්තෑනවදහස් හත්සිය දහඅටක් පමණයි.

මේ අනුව,  2015 - 2019 කාල පරිච්ඡේදය තුළ  ආනයනය කළ කිරි පිටි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදල ශීඝ්‍ර ලෙස වර්ධනය වෙලා තිබෙන බව පෙනෙනවා.

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව, කිරි පිටි ආනයනය කළ රටවල් ඇමුණුම 01හි දක්වා ඇත. 

(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව කිරි පිටි ආනයනය කළ සමාගම්වල නම් ඇමුණුම 02හි දක්වා ඇත.

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

(ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ‍එම කාල පරිච්ඡේදය තුළ කිරි පිටි ආනයනයට වැය කළ මුදල රුපියල් 213,008,608,552කි. 

(ඇ) පැන නොනඟී.

 

*  පුස්තකාලයේ තබා ඇත.

*  நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது.

*  Placed in the Library.

 

පිළිතුරු දුන් දිනය

2021-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks