පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
222/2020
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —
(i) ශ්‍රී ලංකාවට ආනයනය කළ ඖෂධ ප්‍රමාණය කොපමණද;
(ii) එම ඖෂධ ආනයනය කළ රටවල් කවරේද;
(iii) එම ඖෂධ ආනයනය කළ සමාගම් කවරේද;
යන්න වෙන් වෙන් වශයෙන් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-21
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) Capsule, tablet, syrup, cream, injection වැනි විවිධ මාදිලිවලින් ඖෂධ ආනයනය කරනු ලබන බැවින්, එක් එක් ඖෂධ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් සඳහන් කිරීම ප්‍රායෝගිකව අපහසුය. කෙසේ වෙතත්, එක් එක් වර්ගවලින් ආනයනය කළ ඖෂධ ඇණවුම් ප්‍රමාණය ඇමුණුම 01හි* දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.
(ii) 1. ඉන්දියාව
2. නෙදර්ලන්තය
3. පාකිස්තානය
4. ඇමෙරිකා එක්සත් ජනපදය
5. බංග්ලාදේශය
6. මැලේසියාව
7. ස්විට්සර්ලන්තය
8. ස්වීඩනය
9. එක්සත් රාජධානිය
10. තායිලන්තය
11. සිංගප්පූරුව
12. ජර්මනිය
13. බල්ගේරියාව
14. ආර්ජන්ටිනාව
15. හොංකොං
16. ග්‍රීසිය
17. චීනය
18. පිලිපීනය
19. දරුස්සලාම් (බෲනායි)
20. කොරියාව
21. එක්සත් ආරබි එමීර් රාජ්‍ය
22. බෙල්ජියම
23. ඔස්ට්‍රියාව
24. ස්පාඤ්ඤය
25. ඩෙන්මාර්කය
26. කැනඩාව
27. සයිප්‍රසය
28. ඉන්දුනීසියාව
29. ප්‍රංශය
30. තුර්කිය
31. ජපානය
(iii) ඇමුණුම 02හි දක්වා ඇත. ඇමුණුම සභාගත** කරමි.
(ආ) ඔව්. රුපියල් බිලියන 146.3කි.
(ඇ) පැන නොනඟී.
|
————————— * පුස්තකාලයේ තබා ඇත. * நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது. * Placed in the Library. |
පිළිතුරු දුන් දිනය
2020-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks