04

E   |     |  

 දිනය: 2020-10-20   පිළිතුර ලබා දී ඇත 

0219/2020: 2015-2019 දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ආනයනය කළ රසායනික ද්‍රව්‍ය/ භාණ්ඩ: විස්තර

219/2020

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —

              (i)       සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ශ්‍රී ලංකාවට ආනයනය කළ රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ ප්‍රමාණය ‍කොපමණද;

            (ii)       එම රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ ආනයනය කළ රටවල් කවරේද;

(iii) එම රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ ආනයනය කළ සමාගම් කවරේද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-20

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ අයිතම 750ක් පමණ විවිධ මාදිලිවලින් හා විවිධ මිනුම් ඒකකවලින් ආනයනය කරනු ලබන බැවින්, එක් එක් අයිතම සම්බන්ධ වෙන් වෙන් වශයෙන් සඳහන් කිරීම ප්‍රායෝගිකව අපහසුය. කෙසේ වෙතත් එක් එක් වර්ගවලින් ආනයනය කළ වර්ග ප්‍රමාණය  පහත දැක්වේ.

වර්ෂය

ආනයනය කළ රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ වර්ග ප්‍රමාණය

2015

615

2016

766

2017

702

2018

496

2019

586

(ii)         1.       එංගලන්තය

                          2.      බෙල්ජියම

                          3.      සිංගප්පූරුව

                        4.      ඉන්දියාව

                        5.      ජර්මනිය

                        6.      ඇමෙරිකා එක්සත් ජනපදය

                        7.      ඩෙන්මාර්කය

                        8.      එක්සත් අරාබි එමීර් රාජ්‍ය

                        9.      ඕස්ට්‍රේලියාව

                        10.    ජපානය

                        11.    අයර්ලන්තය

                        12.    හොංකොං

13. චීනය

14. ස්පාඤ්ඤය

15. ස්විස්ටර්ලන්තය

16. කොරියාව

17. තායිවානය

(iii) එම රසායනික ද්‍රව්‍ය/භාණ්ඩ ආනයනය කළ සමාගම් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ආ) ඔව්. රුපියල් බිලියන 11.6කි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks