පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
214/2020
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ—
(i) ශ්‍රී ලංකාවට ආනයනය කළ ලුණු ප්‍රමාණය;
(ii) ඒ සඳහා වැය වූ මුදල;
(iii) එම ලුණු ආනයනය කළ රටවල්;
(iv) එම ලුණු ආනයනය කළ සමාගම්වල නම්;
කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-07
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ ලූනු ප්‍රමාණය පහත දක්වා ඇත. ඒ අනුව ආනයනය කළ මුළු ලුණු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 68,197යි.
|
වර්ෂය |
ප්‍රමාණය (කිලෝ ග්‍රෑම්) |
|
2015 |
4,881,322 |
|
2016 |
24,652,484 |
|
2017 |
14,397,751 |
|
2018 |
12,755,970 |
|
2019 |
11,510,370 |
(ii) ශ්‍රී ලංකා රේගුව ලබා දී ඇති තොරතුරු අනුව 2015, 2016, 2017, 2018 හා 2019 වර්ෂ තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ ලුණු සඳහා වැය වූ මුදල පහත දක්වා ඇත. ඒ අනුව දරා තිබෙන මුළු වියදම රුපියල් මිලියන 1,108යි.
|
වර්ෂය |
මුදල (රුපියල්) |
|
2015 |
82,571,542 |
|
2016 |
309,845,828 |
|
2017 |
235,677,029 |
|
2018 |
235,689,375 |
|
2019 |
244,716,823 (iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ලුණු ආනයනය කළ රටවල්, ඇමුණුම් 01 හි දක්වා ඇත. (iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම ලුණු ආනයන කළ සමාගම්වල නම්, ඇමුණුම් 02 හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි. (ආ) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ලුණු ආනයනය සඳහා වැය වූ මුළු මුදල රුපියල් 1,108,500,597/-කි. (ඇ) පැන නොනඟී.
|
පිළිතුරු දුන් දිනය
2020-10-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks