02

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0210/2020: Import of Sugar 2015 to 2019

210/2020

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ —

               (i)       ශ්‍රී ලංකාවට ආනයනය කළ සීනි ප්‍රමාණය;

             (ii)       ඒ සඳහා වැය වූ මුදල;

            (iii)       එම  සීනි ආනයනය කළ රටවල්;

            (iv)       එම සීනි ආනයනය කළ සමාගම්වල නම්;

කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015-2019 කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ සීනි ප්‍රමාණය කිලෝග්‍රෑම් 2,896,007,128කි. (කිලෝ ග්‍රෑම් මිලියන 2,896කි.) විස්තර ඇමුණුම් අංක 01 හි දක්වා තිබෙනවා. වර්ෂයෙන් වර්ෂයට විස්තරාත්මක පැහැදිලි කිරීමක් එහි තිබෙනවා.

(ii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ සීනි ප්‍රමාණය සඳහා වැය වූ මුදල රුපියල් 191,273,331,251කි. (රුපියල් බිලියන 191කි; රුපියල් මිලියන 191,273කි.) විස්තර ඇමුණුම 02හි දක්වා ඇත.

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව සීනි ආනයනය කළ රටවල් 68ක් තිබෙනවා. බ්‍රසීලය, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ජර්මනිය, චීනය ආදි වශයෙන් ලෝකයේ රටවල් බොහෝ ගණනකින් සීනි ආනයනය කරනවා. විස්තර ඇමුණුම් 03 හි දක්වා ඇත.

(iv) ශ්‍රී ලංකා රේගුව ලබා දී ඇති තොරතුරු අනුව එම සීනි ආනයනය කළ සමාගම්වල දීර්ඝ නාම ලේඛනයක් ඇමුණුම 04 හි දක්වා ඇත.

(ආ) එම කාල සීමාව තුළ -2015 සිට 2019 දක්වා- ශ්‍රී ලංකාවට සීනි ආනයනය සඳහා  වැය වූ මුදල් ප්‍රමාණය රුපියල් 191,273,331,251කි. (රුපියල් බිලියන 191කි; රුපියල් මිලියන 191,273කි.)

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2020-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks