බලන්න

02

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0209/2020: 2015-2019 දක්වා කඩදාසි ආනයනය: විස්තර

209/2020 ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ; (i) ශ්‍රී ලංකාවට ආනයනය කළ කඩදාසි ප්‍රමාණය; (ii) ඒ සඳහා වැය වූ මුදල; (iii) එම කඩදාසි ආනයනය කළ රටවල්; (iv) එම කඩදාසි ආනයනය කළ සමාගම්වල නම්; කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද; (ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට කඩදාසි ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පිළිතුර ඇමුණුම 01හි දක්වා ඇත.

                        ගරු මන්ත්‍රීතුමනි, ඒ ඒ කඩදාසි වර්ග අනුව දීර්ඝ ඇමුණුමක් තිබෙනවා.

              (ii)      පිළිතුර ඇමුණුම 02හි දක්වා ඇත. දීර්ඝ ඇමුණුමක් තිබෙනවා. විවිධ කඩදාසි වර්ග ආනයනය සඳහා කළ වියදම එහි සඳහන් වෙනවා.

             (iii)      පිළිතුර ඇමුණුම 03හි දක්වා ඇත.

(iv) පිළිතුර ඇමුණුම 04හි දක්වා ඇත. එයත් දීර්ඝ පිළිතුරක්. ඇමුණුම 04හි අදාළ සියලු විස්තර ඇතුළත්ව තිබෙනවා.

(ආ) රුපියල් 369,941,053,547.00 (රුපියල් මිලියන 369,941)

(ඇ) පැන නොනඟී.

ඇමුණුම්  සභාගත* කරමි.

 

 

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks