02

E   |     |  

 දිනය: 2020-09-22   පිළිතුර ලබා දී ඇත 

0208/2020: 2015-2019 දක්වා මාළු ආනයනය: විස්තර

208/2020 ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂයක් තුළ; (i) ශ්‍රී ලංකාවට ආනයනය කළ මාළු ප්‍රමාණය; (ii) ඒ සඳහා වැය වූ මුදල; (iii) එම මාළු ආනයනය කළ රටවල්; (iv) එම මාළු ආනයනය කළ සමාගම්වල නම්; කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) උක්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට මාළු ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-22

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව මඟින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ මාළු ප්‍රමාණය ඇමුණුම් අංක 01හි* දක්වා ඇත.  එය විශාල ලේඛනයක්. එම ඇමුණුම මම ගරු මන්ත්‍රීතුමාටත් ලබා දෙනවා.

              (ii)      ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ මාළු ප්‍රමාණය සඳහා වැය වූ මුදල රුපියල් මිලියන තිස්අටදහස් නවසිය එකයි. ඒ පිළිබඳව ඇමුණුම් අංක 02හි* දක්වා ඇත.

(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව මාළු ආනයනය කළ රටවල් හැත්තෑහයක් තිබෙනවා. ලෝකයේ හැම රටකින්ම වාගේ මාළු ආනයනය කරලා තිබෙනවා; මාලදිවයින, එංගලන්තය, ප්‍රංශය ආදී වශයෙන්. ස්විට්සර්ලන්තයෙනුත් මාළු ආනයනය කරලා තිබෙනවා. මාළු ආනයනය කළ රටවල නාම ලේඛනය ඇමුණුම් අංක 03හි* දක්වා ඇත.

(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම මාළු ආනයනය කළ සියලු  සමාගම්වල නාම ලේඛනය ඇමුණුම් අංක 04හි* දක්වා ඇත. එය පරීක්ෂා කරලා බලන්න පුළුවන්.

(ආ) එම කාලය තුළ ශ්‍රී ලංකාවට මාළු ආනයනය සඳහා වැය වූ මුදල රු. 38,901,797,325කි.

(ඇ) පැන නොනඟී.

ඇමුණුම් සභාගත* කරමි.

 

පිළිතුරු දුන් දිනය

2020-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks