01

E   |     |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0207/2020: මන්නාරම, SLIATE ආයතනය: ස්ථිර ගොඩනැඟිල්ලක්

207/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        මන්නාරම දිස්ත්‍රික්කයේ, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති SLIATE ආයතනයේ Higher National Diploma පාඨමාලා ආරම්භ කර අවුරුදු 03ක් ගත වී තිබුණද තවමත් තාවකාලික ගොඩනැගිල්ලක එම ආයතනය පවත්වාගෙන යන බව එතුමා දන්නෙහිද? 

(ආ) (i) ඒ හේතුවෙන් Information Technology, English, Tourism වැනි පාඨමාලා පමණක් පවත්වන බවත්;

(ii) පාඨමාලා සඳහා අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් නොමැති බව; සහ

(iii) Accounting, Management යනාදී පාඨමාලා ආරම්භ කිරීමට නොහැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) SLIATE ආයතනයට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උයිලංකුලම් ප්‍රදේශයේ අක්කර 05ක ඉඩමක් එවක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබා දී වසරකටත් වඩා ගත වී ඇති බවත් එතුමා දන්නෙහිද? 

(ඈ) මන්නාරමේ ඉදිකිරීමට නියමිත SLIATE ආයතනයේ ස්ථිර ගොඩනැගිල්ල ලෝක බැංකුවේ දායකත්වයෙන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුණු අතර ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වන්නේ කවදාද යන්න එතුමා සඳහන් කරන්නෙහිද? 

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           අංක 201, තලෙයිමන්නාරම පාර, මන්නාරම ලිපිනයෙහි පිහිටි Provincial English Support Centreහි බදු පදනම මත මෙම ආයතනය පවත්වාගෙන යනු ලබයි.

(ආ)         (i)      මෙම ආයතනයෙහි පහත දක්වා ඇති පාඨමාලා පවත්වාගෙන යනු ලැබේ.         

  • Higher National Diploma in Information Technology (Full-time) 
  • Higher National Diploma in English (Full-time)
  • Higher National Diploma in Tourism (Full-time)

(ii) Higher National Diploma in Information Technology පාඨමාලාව පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් -රසායනාගාර සහ විද්‍යාගාර පහසුකම්- ඇති මන්නාරම Mn/St. Xavier's Boys' College හි පරිගණක විද්‍යාගාරය බදු පදනම මත ලබාගෙන පාඨමාලාව පවත්වාගෙන යනු ලබයි.

(iii) බදු පදනම මත ලබාගෙන ඇති ගොඩනැඟිලිවල පහසුකම් නොමැති නිසා ආයතනය සඳහා යෝජිත නව ගොඩනැඟිලි සම්පූර්ණ කළ පසු Accountancy, Management යනාදි පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.

බදු පදනම මත ලබාගෙන ඇති ගොඩනැඟිලිවල පහසුකම් නොමැති නිසා තවත් පාඨමාලා පවත්වා ගැනීමේ හෝ වැඩි කිරීමේ අපහසුතාව තිබේ. 

(ඇ) ඔව්.

(ඈ) ඔව්.

2020 නොවැම්බර් මස සිට ඉදි කිරීම් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට ඇත.

(ඉ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks