පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-04-21
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) , (ii)
තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පස් වතාවක් තේරී පත් වී ඇති අතර, එම කාල වකවානු පහත වගුවේ දැක්වේ.
|
පත් වූ දිනය |
ඉවත් වූ දිනය |
|
1998 මාර්තු 31 |
1999 මාර්තු 31 |
|
1999 මාර්තු 31 |
1999 ජුනි මස දක්වා |
|
2000 ජුනි මස සිට |
2001 මාර්තු 31 |
|
2003 අගෝස්තු මස සිට |
2004 මාර්තු 31 |
|
2016 ජනවාරි 03 |
2018 මැයි 30 |
(iii) 2018 වර්ෂයේ දකුණු අප්‍රිකා-ශ්‍රී ලංකා තරග සංචාරයේ ජාත්‍යන්තර රූපවාහිනී විකාශයට අදාළව ඇ.ඩො.187,085ක (රු.මි.29) මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බැංකු ගිණුම නොවන වෙනත් බැංකු ගිණුමකට හරවා යැවීම සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පෙන්වා දී තිබේ.
(iv) මේ සම්බන්ධව අමාත්‍යාංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ අංක B/657/1/2018 දරන "බී" වාර්තාව මඟින් 2018.10.05 දින නඩුවක් ගොනු කර ඇති අතර, ඒ පිළිබඳ තවදුරටත් විමර්ශන කටයුතු එම දෙපාර්තමේන්තුව විසින් කරගෙන යයි.
එහි ප්‍රගතිය පිළිබඳ වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර මෙම අමාත්‍යාංශය විසින් ද මේ පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks