01

E   |     |  

 දිනය: 2021-03-24   පිළිතුර ලබා දී ඇත 

0197/2021: විදුලිබල අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල: කුලිය

----

අසන ලද දිනය

2021-03-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං              හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන දෙකම 2021.03.01 දින සිට පවත්වාගෙන යනුයේ අංක 437, ගාලු පාර,  කොළඹ 03 ලිපිනයේය. මෙය 2017.05.31 සිට 2020.05.30 දක්වා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල වේ.

(ii) සී/ස වික්‍රමරත්නස් (පුද්ගලික) සමාගම, නො. 304, මීගමුව පාර, පෑලියගොඩ.

(iii) රුපියල් 4,775,000.00කි.

(iv) එහි කරුණු අටක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.

1. විදුලිබල මණ්ඩලයේ කිසිදු මුදලක් මේ සඳහා වැය නොවේ.

2. අමාත්‍යාංශ කාර්යාලය මීට පෙර ස්ථාපිත කර තිබූ ගොඩනැඟිල්ලෙහි කාර්ය මණ්ඩලය සඳහා පැවති ඉඩකඩ බොහෝ සෙයින් සීමා වී තිබූ අතර, සනීපාරක්ෂක පහසුකම්ද ප්‍රමාණවත්ව නොතිබුණි.

ගරු කථානායකතුමනි, අමාත්‍යාංශ කාර්යාලය තිබුණු ස්ථානයට රාජ්‍ය අමාත්‍යාංශය ගෙන ආවාට පසු  එහි ඉඩකඩ මදි වුණා. රාජ්‍ය අමාත්‍යාංශය දැන් පරණ අමාත්‍යාංශය වාගේ නොවෙයි. අවම වශයෙන් වර්ග අඩි 8,000 ඉඩකඩක අවශ්‍යතාවක් තිබුණා. 

3. 2020.08.09 දින සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ස්ථාපිත කිරීමත්, එම අමාත්‍යාංශය සඳහා නව කාර්ය මණ්ඩලයක් අනුමත වීමත් සමඟ උක්ත තත්ත්වය තවත් බරපතළ විය. ඉඩකඩ නොමැතිකම නිසා රාජ්‍ය අමාත්‍යාංශයේ නව තනතුරු සඳහා නිලධාරින් පත් කිරීම අපහසු වූවා පමණක් නොව එම හේතුව නිසා සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමද අභියෝගාත්මක විය.

4. ඒ වනවිටත් විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉඩකඩ මදිව තිබූ එම ගොඩනැඟිල්ලේ, රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වූ වර්ග අඩි 8,000ක පමණ වැඩිපුර ඉඩ ප්‍රමාණයක් ලබා දීම අවශ්‍ය වූ අතර, ඒ වෙනුවෙන් මසකට  රුපියල් මිලියනයකට අධික අමතර මුදලක් ‍දැරීමට සිදුවීම වැළැක්විය නොහැක්කක් විය.

5. විදුලිබල අමාත්‍යාංශයේ සහ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් එකිනෙකට සම්බන්ධ බැවින් මෙම අමාත්‍යාංශ දෙකම එකම ගොඩනැඟිල්ලක ස්ථාපිත කර පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව හේතුවෙන් සහ උක්ත ඉඩකඩ මදිකමට පියවරක් ලෙස විදුලිබල අමාත්‍යාංශය හා රාජ්‍ය අමාත්‍යාංශය යන දෙකම පවත්වාගෙන යා හැකි නව ගොඩනැඟිල්ලක් බදු කුලී පදනම මත ලබා ගැනීම අවශ්‍ය විය. කෙසේ වුවද, ගොඩනැඟිලි කුලියට ගැනීම සඳහා කිසිදු අමතර වියදමක් නොකිරීමට මෙම අමාත්‍යාංශය උත්සාහ කර ඇත.

6. ඒ අනුව අමාත්‍යාංශ දෙකම ස්ථාපිත කිරීම සඳහා පූර්වයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පවත්වාගෙන යන ලද මෙම ගොඩනැඟිල්ල බදු කුලී පදනම මත ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

7. විදුලිබල අමාත්‍යාංශය පෙර ස්ථාපිත කරන ලද ගොඩනැඟිල්ල වෙත දැනට මසකට රුපියල් 4,229,415.00ක කුලියක් ගෙවමින් සීමිත ඉඩකඩ ප්‍රමාණයක පවත්වාගෙන යන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත්, නො. 411, ගාලු පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි ගොඩනැඟිල්ලෙහි බදු ගෙවමින් සිටින ලංකා විදුලි (පුද්.) සමාගමේ කොටසක්ද ගෙන ඒම  තුළින් රජයට අමතර වැය බරක් නොවන ලෙස කටයුතු කර ඇති බවද දන්වමි.

ආයතනය

වර්තමාන මාසික බදු කුලිය (රු.)

යෝජිත මාසික බදු කුලිය (රු.)

විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

1,700,464.00

4,775,000.00

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

4,229,415.00

   1,700,464.00

ලංකා විදුලි (පුද්.) සමාගමේ දැනට වෙනම ගොඩනැඟිල්ලක සිටින කොටසක්

550,000,00

 

එකතුව

6,479,879.00

6,475,464.00

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2021-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks