පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-12
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) නොරොච්චෝලේ ප්‍රදේශයේ, නොරොච්චෝලේ 220/33kV උපපොළට සම්බන්ධිත පුද්ගලික අංශයේ ආයෝජන යටතේ ක්‍රියාත්මක වන සුළං විදුලි බලාගාර 07ක් තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි. මෙම බලාගාරවල මුළු ධාරිතාව මෙගාවොට් - MW - 65.5ක් වනවා. එම බලාගාර කිලෝ වෝල්ට් ඇම්පියර් - kVA - 75ක ධාරිතාවකින් යුත් තනි ට්‍රාන්ස්ෆෝමරයක් මඟින් තමයි ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වෙලා තිබුණේ.
එම බලාගාරවල තොරතුරු ඇමුණුම 01හි දක්වා ඇත.
(ආ) (i) නොරොච්චෝලේ 220/33kV උපපොළට සම්බන්ධකොට ඇති සුළං විදුලි බලාගාර 07 මඟින් 2019 වර්ෂයේදී ගිගාවොට් පැය - GWh - 176ක් (විදුලි ඒකක මිලියන 176ක්) ජනනය කර ඇත.
(ii) ගරු මන්ත්‍රීතුමනි, ට්‍රාන්ස්ෆෝමරය අක්‍රිය වුණේ, 2020 ජූලි 25වන දා. ඒක සිද්ධ වෙලා අවුරුද්දක් වනවා, හරියටම තව දවස් තුනකින්. අක්‍රිය වූ තාරාපැවිය අලුත්වැඩියා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය උත්සාහ කළා. නමුත්, එය යථාවත් කර ගන්න බැරි වෙලා එම අලුත්වැඩියාව ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවේදී කළ යුතු බව සනාථ වීමෙන් පසුව, 2021 ජනවාරි 09වන දින එය ඉන්දුනීසියාවේ අදාළ සමාගමට- OEM, original equipment manufacturer වෙත - යවා තිබෙනවා. එය අලුත්වැඩියා කරලා පසුගිය 14වන දා -මීට දවස් හයකට පෙර- ලංකාවේ කොළඹ වරායට ගෙන්වනු ලැබුවා. එය මේ වනකොට නොරොච්චෝලේ ප්‍රදේශයට රැගෙන ගිහින් තිබෙනවා. එය ස්ථාපිත කිරීමට තවත් සති තුනක පමණ කාලයක් ගත වෙයි කියා විදුලිබල මණ්ඩලය අපට දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධව සියලු තොරතුරු ඇමුණුම 02 හි සඳහන් වනවා.
ඇමුණුම් 01 හා 02 සභාගත* කරමි.
ගරු මන්ත්‍රීතුමනි, එතැනදී යම් ප්‍රමාදයක් වුණා. මම එය සිහිපත් කරන්න ඕනෑ. ඔවුන් දුමින්ද දිසානායක රාජ්‍ය ඇමතිතුමා මුණ ගැසී යෝජනා කළා එය ඔවුන්ගේ වියදමින් තාවකාලිකව පුත්තලමේ තිබෙන ට්‍රාන්ස්ෆෝමර් එකට සම්බන්ධ කරන්න කියා. එතුමාත් ඒකට උත්සාහ කරලා, ටික කාලයක් ගතවෙලා තමයි තාවකාලික ප්‍රතිකර්මය යෙදුවේ. එතැනින් මෙගාවොට් 23ක ධාරිතාවක් පමණයි ජාතික විදුලිබල පද්ධතියට ලබා ගන්න අපට පුළුවන් වුණේ.
(iii) මෙම සුළං විදුලි බලාගාර පුද්ගලික අංශයේ ආයෝජන මත ඉදිකොට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ඇති කරගත් සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් - Standardized Power Purchase Agreements - මත ක්‍රියාත්මක වේ. එම ගිවිසුම්ගත ධාරිතාව, 65MW තුළ පමණක් දැනට මෙම බලාගාර 7 ක්‍රියාත්මක වෙයි. එසේම, සම්ප්‍රේෂණ උපපොළ ධාරිතාව වැඩිදියුණු නොකර අමතර ධාරිතාවක් විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ හැකියාවක් නොමැත. ගරු මන්ත්‍රීතුමනි, ඒ ඔබතුමා මීට පෙර හේෂා විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේදී අතුරු ප්‍රශ්නයක් විධියට මතු කරපු කාරණය.
(ඇ) අදාළ නොවේ.
|
————————— * පුස්තකාලයේ තබා ඇත. * நூல் நிலையத்தில் வைக்கப்பட்டுள்ளது. * Placed in the Library. |
පිළිතුරු දුන් දිනය
2021-07-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks