පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-24
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම මෙන්ම ඔවුන්ගේ රැකියා සුරක්ෂා කිරීම සහතික කිරීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන හාම්පුතුන් හා වෘත්තීය සමිති කිහිපයකින් සැදුම්ලත් කාර්ය සාධක බලකායේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹි එකඟතාවට අනුව මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන ලදී. ඒ අනුව, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ හුදකලා කිරීම හේතුවෙන් හා වැඩබිමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරින් ලබා දී ඇති උපදෙස් හා මඟපෙන්වීම් ප්‍රකාරව අනුගමනය කළ යුතු කාර්ය මණ්ඩල සීමා කිරීම් හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකිව නිවෙස්වල රැඳී සිටි සේවකයන්ට සීමා වන පරිදි මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර, සේවයේ නිරත වූ සේවකයන් හට වැටුප් ගෙවීමේ දී මෙම ක්‍රමවේදය කිසිසේත් අදාළ කර ගෙන නොමැත.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සේවයේ යෙදවීමට නොහැකි වූ සේවකයන් හට එම සේවකයා විසින් අවසානයට ලද සම්පූර්ණ මාසික වැටුපට අදාළ මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක මුදල යන දෙකෙන් වඩා වාසිදායක මුදල සේවකයාට ගෙවීමට හාම්පුතුන්ගේ එකඟතාව පළවිය. තවද, එසේ ගෙවන වැටුප සඳහා සේවායෝජක විසින් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සඳහා දායක මුදල් ගෙවීමට ක්‍රියා කළ යුතුය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාවේ එක් පියවරක් වශයෙන් එම අවස්ථාවේ රටෙහි පැවති කොවිඩ් - 19 වසංගත තත්ත්වය මත ප්‍රථමයෙන් 2020 මැයි සහ ජුනි මාස සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දුන් අතර, පැවති තත්ත්වය හමුවේ එම සහනය නැවත ජූලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාස සඳහා දීර්ඝ කරන ලදී. සැප්තැම්බර් මාසය තුළ කාර්ය සාධක බලකායේ සියලු සාමාජිකයන් හා එක්ව නැවත වරක් කරන ලද සමාලෝචනයේදී වසංගත තත්ත්වය හේතුවෙන් සම්පූර්ණ වශයෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක කර්මාන්තයේ සේවයේ නියැළි සේවකයන්ට වැටුප් ගෙවීම සහතික කිරීම මෙන්ම ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් 2020 වර්ෂයේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා ද මෙම ක්‍රමවේදය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය වූ අතර, ඉන් පරිබාහිර ක්ෂේත්‍රයක යම් ආයතනයකට ද මෙම සහන ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එකඟ වූ කොන්දේසි ප්‍රකාරව ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත. පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් මෙම ක්‍රමවේදය තුළ 2021 ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස සඳහා ද අදාළ සහනය ක්‍රියාත්මක කිරීමට උක්ත කාර්ය සාධක බලකාය විසින් තීරණය කර ඇත.
මෙම ක්‍රමවේදය හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම සඳහා හාම්පුතුන් හා වෘත්තීය සමිති යන දෙපාර්ශ්වයේම එකඟතාව මත කටයුතු කළ අතර, කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ පහසුකම් සලසා දීම පමණක් සිදු කරනු ඇත. තවද, මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාවේ එකඟාව මත අංක 21/0010/307/001 සහ 2021.01.11 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. එහි කාල සීමාව දීර්ඝ කරන සෑම විටම ඒ සඳහා ජාතික කම්කරු උපදේශක සභාවේ පූර්ව එකඟතාව ලබා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ තත්ත්වය පැහැදිලි කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.
තවද, මෙම ක්‍රමවේදය තුළින් කොවිඩ් - 19 වසංගතය හමුවේ වැඩ නැවැත්වූ ආයතනවල සේවකයන්ගේ රැකියා අහිමි නොකර තබා ගැනීම තුළින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු වී ඇත. එහිදී සේවයේ නිරත වූ කිසිදු සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුවී නොමැති අතර, සේවයට කැඳවනු නොලැබ හෝ සේවයට වාර්තා කිරීමට නොහැකිව නිවෙස්වල රැඳී සිටි සේවකයන්ට සීමාවන පරිදි ඔවුන් විසින් අවසානයට ලද මාසික වැටුපට අදාළ මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500ක මුදල යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීමට කටයුතු කර ඇත.
තවද, එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමේදී යම් සේවකයෙකුට අසාධාරණයක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව තම දුක්ගැනවිල්ල කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, සේව්‍ය-සේවක හා වෘත්තීය සමිති සමන්විත කමිටුවක් සතියකට වරක් මෙම දුක්ගැනවිලි සමාලෝචනය කරනු ලබයි. මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ හාම්පුතුන් හා සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් හා සහයෝගයෙන් මෙවැනි අවබෝධයක් ගොඩනංවාගෙන රටේ ආර්ථිකය මෙන්ම ජනතාවගේ රැකියා සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය සහතික කිරීම රටක් වශයෙන් අප ලැබූ සුවිශාල ජයග්‍රහණයකි.
(ආ) (i) මෙය කිසිසේත්ම වැටුප් කප්පාදුවක් නොවේ. කොවිඩ්-19 වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හඳුන්වා දුන් ඉහත ක්‍රමවේදය තවදුරටත් දීර්ඝ කිරීම සිදු කරනු ලබන්නේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ එකඟතාව මත පමණි. ඒ අනුව 2021 මාර්තු මස දක්වා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉහත කමිටුව එකඟතාව පළ කර ඇති අතර, ඉන් පසුව එළඹෙන ඉදිරි කාලය සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම දීර්ඝ කරනවා ද නැද්ද යන්න පවත්නා තත්ත්වය මත තීරණය කළ නොහැකිය. එය කොවිඩ් කාර්ය සාධක බලකායේ සිටින හාම්පුතුන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ එකඟතාව මත පවත්නා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව තීරණය කරන කරුණක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
(ii) ගරු මන්ත්‍රීතුමනි, නැවත වරක් මා හට කීමට ඇත්තේ මෙම ක්‍රමවේදය කම්කරුවන්ගේ වැටුප් කප්පාදු කිරීමක් නොවන අතර, ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාව සහතික කිරීම මෙන්ම සේවයට වාර්තා නොකරන අවස්ථාවේදී සේවකයන් විසින් අවසානයට ලබා ගත් මූලික වැටුප හෝ රුපියල් 14,500 යන දෙකෙන් වැඩි මුදල මාසිකව ඔවුන්ට ලැබීමට හිමිකමක් ලබා දීමක් බවයි. ලියා පදිංචි වී නොමැති අවිධිමත් අංශයේ රැකියාවල නිරත කම්කරුවන්ගේ වුවද කම්කරු ගැටලු පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ විට ඒ පිළිබඳව සොයා බැලීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇත. ඉහතින් සඳහන් කළ කොවිඩ්-19 වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු සේවකයන්ට වැටුප් ගෙවීම පිළිබඳ ගිවිසුම අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන්ට ද අදාළ වේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks