01

E   |     |  

 දිනය: 2021-02-11   පිළිතුර ලබා දී ඇත 

0172/2021: මැද-කොළඹ රෝහල: සංවර්ධන කාර්යයන්

----

අසන ලද දිනය

2021-02-11

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)          (i)      1.   ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ ඕනෑම පුරවැසියෙකුට තම කැමැත්ත පරිදි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමේ නිදහස ලබා දී තිබීම.

                        2.   කොළඹ ජාතික රෝහල මැද කොළඹ කොට්ඨාසය තුළම පවතින, ප්‍රධානතම හා ප්‍රමුඛතම පහසුකම්වලින් සපිරි රෝහලක් වන බැවින් මැද කොළඹ රෝහල අවට පදිංචි ජනතාව කොළඹ ජාතික රෝහලට නේවාසික ප්‍රතිකාර සඳහා යොමුවීම.

(ii) නිදහස් සෞඛ්‍ය සේවාව තුළ රෝහල් මගින් අදාළ රෝගීන් නියමිත රෝහල වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය. ප්‍රාථමික සත්කාර සේවා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ, ළඟම පිහිටි රෝහලට අයත් සේවා ප්‍රදේශයේ ජනතාව එම රෝහලේම ලියාපදිංචි කර, අත්‍යවශ්‍ය සේවා පැකේජ  - Essential Health Service Package - ලබා දීමට පියවර ගනිමින් පවතින අතර, ද්විතියක තෘතික සත්කාර අවශ්‍ය වන්නේ නම්, අදාළ රෝහල වෙත යොමු කිරීම සහ ප්‍රතිකාර කිරීමේ - Referral and Back referral - ක්‍රමයක් සකස් කර ඇති අතර මෙය අදියරෙන් අදියරට දිවයිනේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

(ඇ) (i) රුපියල් 6,886,595.96 ක ප්‍රතිපාදන මැද කොළඹ රෝහලට ලබා දී ඇත.

(ii) 2020 වර්ෂයේදී මැද කොළඹ රෝහලේ පහත සඳහන් සංවර්ධන කටයුතු සිදු කර ඇත.

හදිසි ප්‍රතිකාර ඒකකය පුළුල් කිරීම

හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා ස්වයංක්‍රීය දොරක් සවිකිරීම

ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම

ගිලන්රථ ගරාජය ඉදිකිරීම

ආපන ශාලාව සඳහා කන්ටේනර් එකක් මිලදී ගැනීම

ගිලන් රථ රියැදුරු කාමරය ඉදිකිරීම

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2021-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks