පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
161/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දහම්පුර, පොතුවිල්කුඹුර, අංක 101 වත්තේ අනවසර නිවාස සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) ඉහත නිවාස අතර රජයේ මහල් නිවාස ව්යාපෘතියකින් නිවාස ලබා දෙන ලද පවුල් සිටීද; (ii) එසේ නම්, එම පවුල් සංඛ්‍යාව කොපමණද; (iii) ඔවුන්ට එම නිවාස ලබා දීමේදී රජය විසින් මුදල් අයකිරීමක් සිදු කර තිබේද; (iv) එසේ නම්, ඒ කුමක් සඳහාද; (v) එම නිවාස ලබා දීමේ ප්‍රමුඛතා ලේඛණය සැකසීමේ ක්‍රමවේදය කවරේද; (vi) එම ප්‍රදේශයේ තවදුරටත් නිවාස ලබා දීමට ඉතිරිවී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද; (vii) ඔවුන් සඳහා නිවාස ලබා දීමට අපේක්ෂිත දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-06
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) දනිමි. කොළොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දහම්පුර, පොතුවිල් කුඹුර අංක 101 වත්තේ අනවසර නිවාස 140 ක් පිහිටා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය -නාගරික පුනර්ජීවන ව්ව්- විසින් කරන ලද සමීක්ෂණයක් මඟින් තහවුරු කරගෙන ඇත.
(ආ) (i) ඔව්.
(ii) මහල් නිවාස ව්යාපෘතියකින් නිවාස ලබාදෙන ලද පවුල් සංඛ්යාව 80 කි.
(iii) 4. නිවසක් ලබා ගැනීම සඳහා වන සුදුසුකම් සපුරා ඇති ප්ප් අනුව මහල් නිවසේ වටිනාකමින් කොටසක් (රුපියල් මිලියනයක් / මිලියන දෙකක් / සම්පූර්ණ නාමික වටිනාකම) පොලී රහිත සමාන වාරික වශයෙන් වසර 30 කින් ගෙවීයන පරිදි අයකරනු ලැබේ.
(iv) නිවසේ ඉදිකිරීම් පිරිවැය ආවරණය කරගැනීම, නිවාස නඩත්තු කටයුතු සඳහා සහ ප්ප් දායකත්වය වෙනුවෙන් මෙම මුදල අයකරනු ලැබේ.
(v) පහත සඳහන් පරිදි අදියර තුනක් යටතේ නිවාස ලබාදෙනු ලබයි.
පළමුවන අදියර -
නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය මඟින් අනුමත කර ඇති නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබාදීම සඳහා වන ප්‍රතිපත්ති මාලාව අනුව, මූලික සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවන් 40දෙනෙකු සඳහා ප්‍රමුඛතාව මත පළමු වන අදියර යටතේ නිවාස ලබාදෙන ලදී.
දෙවන අදියර -
තේරීම් කමිටු නිර්දේශ අනුව ඉදිරියේදී කළමනාකරණ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට යටත්ව අවම වශයෙන් 2011 - 2016 වර්ෂ අතරින් වර්ෂ දෙකකදීවත් අදාළ ගෘහ අංකය යටතේ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී එම ස්ථානයේ පදිංචිය තහවුරු කර ඇති ඉල්ලුම්කරුවන් 40දෙනෙකු සඳහා නිවාස ලබාදෙන ලදී.
තුන්වන අදියර -
ඉතිරි ඉල්ලුම්කරුවන් 60දෙනා සඳහා අභියාචනා කමිටු නිර්දේශ අනුව ක්‍රියාකර, කොළොන්නාව, පොතුවිල්කුඹුර, 101 වත්ත ඉඩම නිදහස් කර ගැනීමට නියමිතව ඇත.
(vi) ඉතිරි පවුල් සංඛ්යාව 60කි. (140 - 80 = 60)
(vii) නාගරික පුනර්ජීවන ව්ව් යටතේ කොළොන්නාව ප්රදේශයේ දැනට ඉදිකර ඇති "සංහිඳ සෙවණ" නිවාස ව්යාපෘතියෙන් මෙම වසර තුළ නිවාස ලබාදීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2020-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks