පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
156/2020
ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කඩුවෙල ප්‍රදේශයේ ඇතිවන ගංවතුර තර්ජනය අවම කිරීම සඳහා කැළණි ගංමිටියාවත ආශ්‍රිතව ව්‍යාපෘතියක් යෝජනා වී තිබේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතිය කවරේද;
(iii) එවැනි ව්‍යාපෘතියක් මේ වනවිට යෝජනා වී නොමැති නම්, එම ප්‍රදේශයේ ගංවතුර අවදානම අවම කිරීම පිණිස ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-22
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
කෙසේ වෙතත්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මාලබේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාවත ආශ්‍රිත ප්‍රදේශවල වැසි ජලය නිසා ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
(ii) අදාළ නැත.
(iii) මාලබේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාවත අවට ඇති ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා තත්පරයට ඝන මීටර් 20ක ධාරිතාවක් ඇති පොම්පාගාරයක් රුපියල් මිලියන 2,200ක වියදමින් අඹතලේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතී. මේ වසර අවසන් වනවිට මෙහි ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාරයෙන් ක්‍රියාත්මක වන කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නිම කිරීමට අපේක්ෂිතයි. මීට අමතරව, අතුරුගිරිය, හෝමාගම ප්‍රදේශ ආශ්‍රිතව "හෙට්ටිගේ ඇළ" නමැති ඇළ මාර්ගයේ සංවර්ධන කටුයතු සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට යෝජනා වී ඇත. එමෙන්ම, කඩුවෙල නගරයේ ගඟට සම්බන්ධ වන ඇළ මාර්ග කිහිපයක් ආශ්‍රිත කරගෙන වැසි ජලය අපවහන පද්ධතියක් සකස් කිරීම සඳහාත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතී.
(ආ) අදාළ නැත.
පිළිතුරු දුන් දිනය
2020-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks