01

E   |     |  

 දිනය: 2021-03-09   පිළිතුර ලබා දී ඇත 

0144/2021: ඉදිරි වර්ෂ 5 සඳහා විදුලිබල අවශ්‍යතාව: ජනන සැලැස්ම

----

අසන ලද දිනය

2021-03-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. ඉදිරි වර්ෂ 05 සඳහා ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාව පිළිබඳ පුරෝකථනයක් කර තිබේ.

              (ii)     

වර්ෂය

විදුලිබල අවශ්‍යතාව  (ගිගා වොට් පැය)

මුළු ස්ථාපිත ධාරිතාව  (මෙගා වොට්)

2022

19,187

5,966

2023

20,233

6,457

2024

21,337

6,789

2025

22,501

7,231

2026

23,667

7,626

 

 

 

 

 

 

(iii) ඉදිරි වසර 05 තුළ විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිත ජනන සැලැස්මට ඇතුළත් ප්‍රධාන විදුලි බලාගාර පහත දැක්වෙයි.  

 

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මහා පරිමාණ ජල විදුලි හා අනෙකුත් පුනර්ජනනීය බලශක්ති බලාගාර

ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වර්ෂය

01

මෙ.වො. 120 උමා ඔය ජල විදුලි බලාගාරය

මෙම වර්ෂයේදී (2021) බලගැන්වීමට අපේක්ෂිතයි.

02

මෙ.වො. 35 බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය

මෙම වර්ෂයේදී (2021) බලගැන්වීමට අපේක්ෂිතයි

03

මෙ.වො. 31 මොරගොල්ල ජල විදුලි බලාගාරය

2023 වර්ෂයේදී බලගැන්වීමට අපේක්ෂිතයි

04

මෙ.වො.14(7x2) සීතාවක ගඟ ජල විදුලි බලාගාරය

මෙ.වො. 7 බැගින් වන කුඩා ජල විදුලි බලාගාර දෙකක් ලෙස ඉදිකොට වර්ෂ 2024 වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

05

මෙ.වො.15 තල්පිටිගල ජල විදුලි බලාගාරය

මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ඉදිකිරීමට සැලසුම් කොට ඇත. වර්ෂ 2024 වන විට විදුලි බලාගාරය නිමකොට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

 

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මහා පරිමාණ ජල විදුලි හා අනෙකුත් පුනර්ජනනීය බලශක්ති බලාගාර

ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වර්ෂය

06

මන්නාරම සුළංබල උද්‍යානය

මෙ.වො.100ක ධාරිතාවක් මෙම වර්ෂයේදී (2021) පද්ධතියට එකතු කරන අතර මෙ.වො.20 ධාරිතාවක් 2024 වර්ෂයේදී පද්ධතියට එක් කිරීමට අපේක්ෂිතයි.   තවත් මෙ.වො. 100ක් එකතු කිරීම සඳහා පූර්ව අධ්‍යයනයක් සිදු කරමින් පවතී.

07

මෙ.වො. 100 සියඹලාණ්ඩුව සූර්යබල උද්‍යානය

2021 අගෝස්තු මාසය වන විට ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට අපේක්ෂිතයි. ඒ අනුව, වර්ෂ 2023 දී ප්‍රධාන විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂිතයි.

08

පුනරින් හි මෙ.වො. 150 සූර්ය හා මෙ.වො. 240 සුළං දෙමුහුන් විදුලි උද්‍යානය

පළමු අදියර ලෙස මෙ.වො. 100 සුළං බලාගාරයක් වර්ෂ 2024 දී ඉදිකිරීම් නිම කිරීමට අපේක්ෂිතයි. මේ සඳහා 2021 අගෝස්තු මාසයට ප්‍රථම ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට අපේක්ෂා කෙරේ.

09

සූර්යබල සංග්‍රාමය වැඩසටහන

ගොඩනැඟිලි පියැසි මත සූර්ය පැනල සවි කෙරෙන මෙම ව්‍යාපෘතිය තුළින් මේ වන විට මෙ.වො. 321 ජාතික ජාලයට එකතු කර ඇති අතර මෙම වැඩසටහන ඉදිරි වර්ෂවලදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙයි. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් දේශීය බැංකු 10ක් හරහා 4%ක පොලියකට වසර 7-10කින් ගෙවීමට ණය ලබා දෙනු ලැබේ.

10

ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන සූර්යබල වැඩසටහන

මෙම වැඩසටහන 2021 සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කොට ඇති අතර මෙම වැඩසටහන යටතේ ප්‍රධාන වශයෙන් රජයේ ගොඩනැඟිලි පියසි මත සූර්ය පැනල සවි කිරීම අපේක්ෂා කෙරේ.

11

ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් තාරා පැවිවලට සම්බන්ධ කරනු ලබන කි.වෝල්ට් 100 සූර්යබල වැඩසටහන.

2021 සිට 2023 වර්ෂය දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති අතර මෙම ව්‍යාපෘතිය තුළින් මෙ.වො.750ක් ප්‍රධාන විදුලි ජාලයට එකතු කිරීමට අපේක්ෂිතයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරාගන්නේ, අදාළ ප්‍රදේශයේ ලියාපදිංචි වී ඇති ආයෝජකයන්ය. මේ හරහා 10,000කට පමණ ඍජු රැකියා අවස්ථා ද 20,000කට පමණ වක්‍ර වශයෙන් රැකියා අවස්ථා ද උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක අපේක්ෂිත තාප විදුලි බලාගාර

ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වර්ෂය

01

මෙ.වො. 300 ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරය - කෙරවලපිටිය I

2021 මාර්තු 05 වන දින ඉදිකිරීම් ආරම්භ කරන ලදී.

02

මෙ.වො. 300 LNG බලාගාරය - කෙරවලපිටිය II

මෙම වර්ෂයේදී (2021) ටෙන්ඩර් ප්‍රදානය සිදුකොට වර්ෂ 2024 වන විට බලාගාරය බලගැන්වීමට අපේක්ෂිතයි.

03

කැළණිතිස්ස බලාගාරයේ මෙ.වො. 100-130 ගෑස් ටර්බයින් සවි කිරීම.

ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතියි. වර්ෂ 2022 වන විට බලගැන්වීමට අපේක්ෂිතයි.

04

නොරොච්චෝලේ - ලක් විජය ගල් අඟුරු බලාගාරයට අතිරේක මෙ.වො. 300 ඒකකය ඉදි කිරීම.

ව්‍යාපෘතියේ තාක්ෂණික ශක්‍යතා අධ්‍යයනය නිම කොට ඇත. ව්‍යාපෘතියට අදාළ පාරිසරික බලපෑම් අධ්‍යයනය 2021 අප්‍රේල් මස අවසන් කිරීමට නියමිතයි. මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය හා ආයෝජන සමාගම සමඟ හවුල් ව්‍යාපාර සමාගමක් පිහිටුවීම (Joint venture company) පිළිබඳ සාකච්ඡා ආරම්භ කොට ඇති අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම, ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම හා ගල් අඟුරු සැපයුම් ගිවිසුම පිළිබඳව ද සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම බලාගාරය වර්ෂ 2024 වන විට බලගැන්වීමට අපේක්ෂිතයි.

05

ස්වාභාවික ද්‍රවීකෘත වායු (LNG) ප්‍රසම්පාදනය

ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුම සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ ආයෝජකයෙකු තේරීම සඳහා යෝජනා කැඳවීමට ආරම්භ කොට ඇති අතර වර්ෂ 2024 ආරම්භයේදී රටට LNG ගෙන ඒම සඳහා මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරෙයි.

06

මෙ.වො. 500, LNG බලාගාරය - කෙරවලපිටිය III (ඉන්දියාවේ එන්.ටී.පී.සී. (NTPC) ලිමිටඩ් හා ලංකා විදුලිබල මණ්ඩලය අතර ඒකාබද්ධ හවුල් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීම)

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතී.

07

මෙ.වො.300, LNG බලාගාරය - කෙරවලපිටිය IV (හඳුනාගත් ජපන් ආයෝජකයෙකු මඟින් ඉදිකිරීම)

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks