පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-23
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්යාංශය
රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
වර්ෂය |
විගණන විමසුම් සංඛ්යාව |
|
2015 |
130 |
|
2016 |
145 |
|
2017 |
104 |
|
2018 |
54 |
|
2019 |
33 |
|
2020 |
30 |
|
එකතුව |
496 |
(ii) පාර්ලිමේන්තු වාචික ප්රශ්න විමසීම් අනුව 2015 සිට මේ දක්වා විගණන විමසුම් මඟින් පෙන්වා දී ඇති මූල්ය අක්රමිකතා හා මූල්ය අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියද, විගණන නිරීක්ෂණයන් අනුව තවදුරටත් විසඳා නොමැති විමසුම්වලට අදාළ විගණන නිරීක්ෂණ ඉදිරියට ගෙනැවිත් ඇත. ඒ අනුව අවසාන වශයෙන් ප්රසිද්ධ කර ඇති 2019 විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාවට අමතරව 2018 විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාවේ අදාළ කරුණු අන්තර්ගත වේ.
එසේම වර්ෂ 2016 දක්වා වන විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු පළාත් ගිණුම් කාරක සභාවේ මේ වන විටත් සාකච්ඡාවට බඳුන් වී ඇත. වර්ෂ 2017 සිට ඉදිරියට පවත්නා විගණකාධිපති වාර්තාවන් ඉදිරි කාරක සභාවන්හිදී සාකච්ඡා කිරීමට නියමිතය. ජාතික විගණන කාර්යාලය විසින් වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන කළමනාකරණ විගණන වාර්තාවේ ගිණුම්කරණය හා අභ්යන්තර පාලනය සම්බන්ධ වගන්තිවලට අමතරව මූල්ය නීති රීති හා රෙගුලාසිවලට අනුකූල නොවන අවස්ථාවන් පහත ක්ෂේත්රයන් යටතේ වර්ග කර ඇති අතර, එක් එක් ක්ෂේත්රවලට අදාළ විගණන විමසුම් ප්රමාණ මෙලෙස ප්රකාශ කළ හැක.
|
ක්ෂේත්රය |
2018 වර්ෂයේ යොමු කළ විගණන විමසුම් සංඛ්යාව |
2019 වර්ෂයේ යොමු කළ විගණන විමසුම් සංඛ්යාව |
|
නීති රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම |
38 |
9 |
|
කළමනාකරණ අකාර්යක්ෂමතා |
14 |
14 |
|
මෙහෙයුම් අකාර්යක්ෂමතා |
5 |
11 |
|
කොන්ත්රාත් පරිපාලනයේ අඩු පාඩු |
2 |
5 |
|
නිෂ්ක්රිය/ඌන උපයෝජිත වත්කම් |
8 |
2 |
|
ගිණුම් කටයුතුභාවය හා යහ පාලනය |
1 |
2 |
|
එකතුව |
68 |
43 |
|
මුළු විගණන විමසුම් සංඛ්යාව |
111 |
|
(iii) ඉහත සඳහන් කළ පරිදි 2015 වර්ෂයේ සිට මේ දක්වා විගණන නිරීක්ෂණයන් අනුව තවදුරටත් විසඳා නොමැති විමසුම්වලට අදාළ විගණන නිරීක්ෂණයන් 2018 සහ 2019 වර්ෂයන්ට අදාළ කළමනාකරණ විගණන වාර්තාවන්හි ඇතුළත් වේ.
එහිදී ඌව පළාත් සභා මූල්ය රීති, රාජ්ය පරිපාලන චක්රලේඛ, ජනාධිපති ලේකම් චක්රලේඛ, රජයේ ප්රසම්පාදන මාර්ගෝපදේශයන් හා වෙනත් චක්රලේඛවලට අනුකූල නොවීම් සහ කළමනාකරණ හා මෙහෙයුම් කටයුතු ක්රියාත්මක කිරීමේදී හා කොන්ත්රාත් පරිපාලනය, වත්කම් උපයෝජනයේදී පැන නැඟී ඇති දුර්වලතා නිවැරදි කිරීම් සිදු කිරීම සම්බන්ධ නිර්දේශයන් ලබා දී ඇත.
(iv) මෙහිදී පිළිතුරු අංක II හි දක්වා ඇති අනු ශීර්ෂ යටතේ පෙන්වා දී ඇති විගණන නිර්දේශයන් සම්බන්ධයෙන් අදාළ ප්රධාන ගණන් දීමේ නිලධාරින් සහ ගණන් දීමේ නිලධාරින් විසින් ක්රියා කර ඇති බව දන්වා ඇත.
ඒ අනුව අදාළ නිවැරදි කිරීම් සිදු කිරීම, ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇති නොවීමට ක්රියාමාර්ග ගෙන තිබීම, අදාළ අයකිරීම් හා විධිමත් පරීක්ෂණ සම්බන්ධ අවශ්ය කටයුතු සිදු කර ඇති අතර, ඇතැම් නිර්දේශයන් සම්බන්ධව තවදුරටත් කටයුතු සිදු කරමින් පවතී.
(v) විගණන වාර්තාවලින් මේ දක්වා හෙළිකරනු ලැබූ කාරණාවලින් බොහෝ විගණන නිර්දේශයන් අනුව දෙපාර්තමේන්තු ප්රධානින් අවශ්ය නිවැරදි කිරීම් කර ඇත. එසේම මුදල් රෙගුලාසිවලට හා නීති රීතිවලට පටහැනි ගනුදෙනු සම්බන්ධයෙන් විගණන නිරීක්ෂණයන්ට අදාළව මුදල් රෙගුලාසි ප්රකාරව විධිමත් විමර්ශනයක් කර ඇති අතර, තවදුරටත් විමර්ශනයන් සිදු වෙමින් පවතින කරුණු ද ඇතුළත් වේ.
(ආ) මූල්ය අවභාවිතයන් සම්බන්ධව හෝ එවැනි අවභාවිතාවකට වගකීමකට ලක්වන දේශපාලන අධිකාරියට හෝ නිලධාරියකු සම්බන්ධයෙන් පැහැදැලි තීරණයකට මේ දක්වා පවත්වන ලද විමර්ශන අනුව ඍජු අනාවරණයක් නොමැති බැවිනි.
පිළිතුරු දුන් දිනය
2021-05-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks