04

E   |     |  

 දිනය: 2021-01-22   පිළිතුර ලබා දී ඇත 

0135/2021: විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල: විස්තර

----

අසන ලද දිනය

2021-01-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වි‍දේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      67කි.

 

  තානාපති කාර්යාල    -                37

  මහ කොමසාරිස් කාර්යාල       -    13

  නිත්‍ය නියෝජිත කාර්යාල       -    02

  කොන්සල් ජනරාල් කාර්යාල       -    13

  නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාල       -    01

නියෝජිත කාර්යාල - 01

එකතුව - 67

 

(ii) දූත මණඩල හා නගර වෙන් වෙන් වශයෙන් ඇමුණුම  01හි සඳහන් කර ඇත.

(iii) දූත මණ්ඩලයේ සේවය කරන සේවක සංඛ්‍යාව 846කි. තනතුරු නාම ඇමුණුම 02හි සඳහන් කර ඇත.

(iv) දූත මණ්ඩලවල සේවය කරන සේවකයන් අතුරින් ඍජුවම ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගැනීමේ විභාගයෙන් සමත් වූ නිලධාරින් සංඛ්‍යාව 95කි. ඔවුන්ගේ නම් ඇමුණුම 03හි සඳහන් කර ඇත.

ඇමුණුම 01, 02, 03 සභාගත* කරමි.

 

(v) දූත මණ්ඩලවල සේවය කරන මුළු සේවක සංඛ්‍යාව - 846

ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන විදේශ සේවා නිලධාරින් සංඛ්‍යාව -   95

විදේශ සේවයට අයත් නිලධාරින් මුළු සේවක සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස -  11.23%

(vi) ඔව්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක PSC/APP/8/5/101/2019 සහ 2021 මාර්තු 10 දිනැතිව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පත්වීම්) විසින් විදේශ අමාත්‍යාංශයේ ලේකම් වෙත එවන ලද  ලිපියට අනුව ශ්‍රී ලංකා විදේශ  සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාග පවත්වා පවත්නා පුරප්පාඩු 40ක් පිරවීම සඳහා අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඉදිරි  කටයුතු ක්‍රියාත්මක වනු ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks