04

E   |     |  

 දිනය: 2020-10-21   පිළිතුර ලබා දී ඇත 

0131/2020: රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ මත් කුඩු: විස්තර

131/2020

ගරු චමින්ද විජේසිරි මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2015 වර්ෂයේ සිට මේ දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මත් කුඩු ප්‍රමාණය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     එම මත් කුඩුවලින් යම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව තිබෙන බව එතුමා දන්නෙහිද?

(ඇ) එසේ නම්, ඒ සම්බන්ධව යම් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ නම්, ඔවුන්ගේ නම් හා තනතුරු නාමයන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) අනාගතයේදී මෙවැනි තත්වයක් ඇති නොවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)          (i)           

 වර්ෂය  

මත්කුඩු ප්‍රමාණය

කිලෝග්‍රෑම්

    ග්‍රෑම්

මිලිග්‍රෑම්

2015

   717

    841

   774

2016

1,793

    109

   470

2017

   308

    962

   266

2018

   279

    768

   772

2019

1,841

    565

   497

2020.12.15 දක්වා

2,740

    301

   514

 

              (ii)      එක් අවස්ථාවක ජාවාරම්කරුවන් අතට පත් වූ බවට සැකයක් තිබේ. මන්ද, මත් ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍යවලින් කොටසක් සඟවාගත් බවට තොරතුරු ලැබී, ඒ නිලධාරින් අද වනකොට අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන පරීක්ෂණ පවත්වන නිසා. නමුත්, බාහිර පාර්ශ්වයකගේ අතට පත්ව ඇති බවට සාක්ෂි ලැබී තිබේ.

(iii) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි සේවකයන් දෙදෙනෙකු මේ සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක අධිකරණ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බැවින් ඔවුන්ගේ නම් සහ තනතුරු සභාගත කිරීම සුදුසු නොවේ.

(iv) ඉහත සිදුවීමට අදාළ නිලධාරින් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමත්, මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට වගබලා ගැනීමත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු අතර, වැටලීම්වලදී අත් අඩංගුවට ගනු ලබන මත් ද්‍රව්‍ය බාහිර පාර්ශ්ව අතට පත්වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සතු බුද්ධි ජාලය හා වෙනත් බුද්ධි සේවා මඟින් නිරන්තරයෙන් ලබා දෙනු ලබන බුද්ධි තොරතුරු සහ මහ ජනතාව ඇතුළු විවිධ කණ්ඩායම් මඟින් ලැබෙන තොරතුරු ඔස්සේ ගත හැකි සෑම පියවරක්ම ගනු ලබන අතර, මෙම ක්‍රියාදාමය  සඳහා කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වන පාර්ශ්ව සම්බන්ධයෙන් සෙසු අයටද පූර්වාදර්ශයක් වන පරිදි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-01-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks