පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
122/2020 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනයේදී ඉවත් කරන ලද පොල් ගස් සංඛ්‍යාව කොපමණද; (ii) එම පොල් ගස් ඉවත් කිරීමේදී ඒවා ලබා දෙන ලද පාර්ශ්වයන් කවරේද; (iii) ඒ සඳහා භාවිතා කළ ක්‍රමවේදය කවරේද; (iv) එක් පොල් ගසකට ලබා දුන් මිල කොපමණද; (v) එමගින් උපයා ගත් මුදල්, භාරයේ පවතින ආයතනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-24
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පොල් ගස් 754යි.
පොල් ගස් 154ක් (ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබුණු පසුව)
පොල් ගස් 600ක් (ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරීමට පෙර)
(ii) ජේ.ඒ.පී. ප්‍රදීප් කුමාර මහතා, ශාන්තිගම, දුම්මලසූරිය. (ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබුණු පසුව)
රාජ්‍ය දැව සංස්ථාවට (ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරීමට පෙර)
(iii) මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා බිංගිරිය සහ අවට රාජ්‍ය ආයතන හා ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් ප්‍රදර්ශනය කිරීම.
ලංසුකරුවන් විසින් ලබා දුන් මුද්‍රා තබන ලද මිල ගණන් තාක්ෂණික ඇගයීම් කමිටුවක් මඟින් ඇගයීම් කිරීම.
මිල ගණන් ඉදිරිපත් කළ ලංසුකරුවන් දෙදෙනා අතරින් වැඩිම මිල ඉදිරිපත් කළ ලංසුකරුට තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත ලංසුව ලබාදීම.
ලංසුකරු ගෙවිය යුතු සම්පූර්ණ මුදල වන රුපියල් 469,700ක මුදල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ගෙවීමෙන් පසුව පොල් ගස් ඉවත් කර ගැනීමට අවසර දීම.
(iv) එක් පොල් ගසක මිල රුපියල් 3,050යි. (පොල් ගස් 154යි)
(v) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks