logo

බලන්න

02

E   |     |  

 දිනය: 2020-09-22   පිළිතුර ලබා දී ඇත 

0118/2020: බිංගිරිය අපනයන සැකසුම් කලාපයට ජලය ලබාගැනීම: විස්තර

118/2020

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ මුල් අදියර සඳහා ජලය ලබාගැනීමට —

              (i)       ඇස්තමේන්තුගත මුදල කොපමණද;

            (ii)       අදාළ කොන්ත්‍රාත්තුව මේ වනවිට ලබා දී තිබේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

(iv) ගතවන කාලය කොපමණද;

(v) ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-22

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 456.3කි.

              (ii)      මීට අදාළව කොන්ත්‍රාත් 6ක් ඇති අතර, 4ක් ප්‍රදානය කර ඇත. ඒවායෙහි භෞතික ප්‍රගතිය පහත සඳහන් පරිදි වේ.

             (iii)      සිට v. දක්වා පිළිතුරු පහත දක්වා ඇත.

අනු අං:

කොන්ත්‍රාත් විස්තරය

කොන්ත්‍රාත්තුව මේ වන විට ලබා දී තිබේද?

ආරම්භක දිනය

ගතවන කාලය

ඉදිකිරීම් ආරම්භ කර තිබේද?

එසේ නොමැති නම් ඊට හේතුව

භෞතික ප්‍රගතිය

1

විමර්ශන හා මැනුම් කටයුතු

ඔව්

2018.09.03

අවු.01

ඔව්

-

100%ක් නිම කර ඇත

2

නල එළීම- අදියර 1- ආයෝජන කලාපය දක්වා ප්‍රධාන නල එළීම

ඔව්

2019.07.17

අවු.01 මාස04

ඔව්

-

81%ක් නිම කර ඇත

3

භූගත ජල ටැංකි හා පොම්පාගාරය ඉදිකිරීම

ඔව්

2019.08.13

අවු.01 මාස 03

ඔව්

-

82%ක් නිම කර ඇත.

4

පොම්පය සපයා සවි කිරීම

ඔව්

2020.02.12

මාස 10

ඔව්

-

10%ක් නිම කර ඇත

5

ට්‍රාන්ස්පෝමර් කුටිය ඉදිකිරීම

නැත

 

මාස 02

නැත

ප්‍රතිපාදන ලැබීමෙන් පසු ප්‍රදානය කිරීමට නියමිතය

ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියමිතව ඇත

6

ආයෝජන කලාපය දක්වා ජල නල එළීම දීර්ඝ කිරීමේදී අවට සිටින ජනතාවටද ජල සම්බන්ධන ලබා දීමට කටයුතු කිරීම

නැත

 

මාස 03

නැත

ප්‍රතිපාදන ලැබීමෙන් පසු ප්‍රදානය කිරීමට නියමිතය

ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

5වෙනි සහ 6වෙනි කාර්යයන් සඳහා තවම ටෙන්ඩර් කැඳවා නැත. ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියමිතව ඇත. ඒ ට්‍රාන්ස්පෝමර් කුටිය ඉදි කිරීමට හා ආයෝජන කලාපය දක්වා ජල නල එළා ජනතාවට ජල සම්බන්ධතා දීමට. මේ දෙක‍ටම ඉදිරි කාලයේ ටෙන්ඩර් ප්‍රදානය කරන්න වෙන්නේ, ප්‍රතිපාදන වෙන් වුණාට පසු  ඉදිරි අය වැයෙන්. අනෙක් ඒවායේ කටයුතු වෙලා ඉවරයි. භෞතික ප්‍රගතියත් මෙහි සඳහන් කරලා තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks