04

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0116/2020: ශ්‍රීලංගම ඩිපෝ: කුරුණෑගල දිස්ත්‍රික්කය

116/2020

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ඩිපෝවල නම් කවරේද;

            (iii)       එම එක් එක් ඩිපෝවේ දැනට ධාවනයට සුදුසු තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම එක් එක් ඩිපෝව තුළ ඇති සේවක පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

 

(v) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල බස් රථ ඇණි හා මානව සම්පත වැඩි දියුණු කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      09කි.

              (ii)      01.     අලව්ව ඩිපෝව

                        02.     ගල්ගමුව ඩිපෝව

                        03.     ගිරිඋල්ල ඩිපෝව

                        04.     කුලියාපිටිය ඩිපෝව

                        05.     කුරුණෑගල උතුර ඩිපෝව

                        06.     කුරුණෑගල දකුණ ඩිපෝව

                        07.     මහව ඩිපෝව

                        08.     නිකවැරටිය ‍ඩිපෝව

                         09. වාරියපොල ඩිපෝව

(iii) 

අනු අංකය

ඩිපෝව

ධාවනයට සුදුසු බස්රථ සංඛ්‍යාව

01

අලව්ව ඩිපෝව

52

02

ගල්ගමුව ඩිපෝව

45

03

ගිරිඋල්ල ඩිපෝව

37

04

කුලියාපිටිය ඩිපෝව

70

05

කුරුණෑගල උතුර ‍ඩිපෝව

61

06

කුරුණෑගල දකුණ ඩිපෝව

97

07

මහව ඩිපෝව

40

08

නිකවැරටිය ඩිපෝව

41

09

වාරියපොල ඩිපෝව

33

(iv)

අනු අංකය

ඩිපෝව

පුරප්පාඩු

 

 

රියැදුරු

කොන්දොස්තර

01

අලව්ව ඩිපෝව

01

09

02

ගල්ගමුව ඩිපෝව

නැත

07

03

ගිරිඋල්ල ඩිපෝව

09

12

04

කුලියාපිටිය ඩිපෝව

22

17

05

කුරුණෑගල උතුර ‍ඩිපෝව

04

නැත

06

කුරුණෑගල දකුණ ඩිපෝව

02

නැත

07

මහව ඩිපෝව

නැත

01

08

නිකවැරටිය ඩිපෝව

02

08

09

වාරියපොල ඩිපෝව

නැත

නැත

(v)  ඔව්.

           ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පුහුණු අංශය මගින් කාර්ය මණ්ඩලය සඳහාත්, ඉහළ කළමනාකාරිත්වය සඳහාත්, රියැදුරු කොන්දොස්තර සේවක මහතුන් සඳහාත්, විවිධ පුහුණු වැඩමුළු පවත්වනු ලැබේ. ලංකා ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය මගින් පුහුණුලාභින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත කර, ඉන්පසුව පුරප්පාඩු පවතින ආකාරයට බඳවා ගනු ලැබේ.

           වයඹ ප්‍රාදේශිකයේ 2020.08.31 දිනට ධාවනයෙන් නැවතී ඇති NA, NB, NC සහ ND බස්රථ 29ක් කඩිනමින් අලුත්වැඩියා කර ධාවනයට ලබාදීමට කටයුතු කරමින් පවතී.  

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks