01

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0115/2020: කර්මාන්තපුර: කුරුණෑගල දිස්ත්‍රික්කය

115/2020 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තපුර සංඛ්‍යාව කොපමණද; (ii) ඒවායේ නම් කවරේද; (iii) එම එක් එක් කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) එම එක් එක් කර්මාන්තපුරය තුළ රැකියාවල නිරතව සිටින මුළු සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (v) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්තපුර තවදුරටත් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       04

              (ii)       දඹදෙණිය කර්මාන්තපුරය, මාකඳුර (බටහිර) කර්මාන්තපුරය, මාකඳුර (නැ‍ඟෙනහිර) කර්මාන්තපුරය සහ නිකවැරටිය කර්මාන්තපුරය

             (iii)       දඹදෙණිය කර්මාන්තපුරය - 03

                        මාකඳුර (නැ‍ඟෙනහිර) කර්මාන්තපුරය - 02

                          මාකඳුර (බටහිර) කර්මාන්තපුරය - 15

නිකවැරටිය කර්මාන්තපුරය - 01

(iv) දඹදෙණිය කර්මාන්තපුරය - 1,231

මාකඳුර (නැ‍ඟෙනහිර) කර්මාන්තපුරය -   668

මාකඳුර (බටහිර) කර්මාන්තපුරය - 1,078

නිකවැරටිය කර්මාන්තපුරය -    645

  (v) කර්මාන්ත ව්‍යාපෘතින්හි ක්‍රියාකාරිත්වයන්ට අදාළ මාසික දත්ත ලබාගෙන විශ්ලේෂණය කර විමර්ශනය කිරීම තුළින් ඒවායේ ප්‍රවණතා හඳුනාගැනීම මෙන්ම පසුගාමිවීම් ඇත්නම් එම පසුගාමිවීම්වලට හේතු වූ සාධක සොයා බලා අවශ්‍ය සහාය කඩිනමින් ලබා දීම.

ඌන උපයෝජිත කර්මාන්ත ව්‍යාපෘති ඉඩම් කොටස් පූර්ණ උපයෝජිත තත්ත්වයට පත් කරලීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීම.

කර්මාන්ත පුරවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම.

කර්මාන්තකරුවන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අවස්ථාවලදී අදාළ රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කර අවශ්‍ය සහාය ලබා දීම.

ආයෝජකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

උදා : බලශක්ති කාර්යක්ෂමතා, ගිනි ආරක්ෂණ, සුපිරිසිදු නිෂ්පාදන පිළිවෙත්.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks