පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
99/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ශ්‍රී ලංකාව තුළ විල්පත්තු ජාතික වනෝද්‍යානය ප්‍රමුඛ වනාන්තර වැස්ම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වන බවත්; (ii) මේ වනවිටත් උතුරු මැද පළාත අර්ධ කාන්තාර තත්ත්වයට පත්වී ඇති බවත්; (iii) මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සමස්ත දේශගුණයට බලපා ඇති බවත්; (iv) එහෙයින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ කුමන හෝ පළාතක් ගංවතුර, නියගය, නාය යෑම් ආදී ස්වභාවික ව්‍යවසනවලින් පීඩා විඳින බවත්; එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පියවර ගන්නේද; (ii) එසේ නම්, එම දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ විද්වත් කමිටුවක් හරහා අධ්‍යයනයක් සිදු කිරිම සුදුසු යැයි එතුමා පිළිගන්නෙහිද? (ඈ) එසේ නම්, එම අධ්‍යයනය සිදු කිරීමට කටයුතු කරන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-09-25
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශීඝ්‍ර ජනගහන වර්ධනයක් සමඟ මානව ක්‍රියාකාරකම් වනාන්තර වැස්ම අඩු වීම කෙරෙහි බලපා ඇත.
එතුමා මේ අහන්නේ විල්පත්තුව සම්බන්ධව.
(ii) දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම් ලොව බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද අහිතකර ලෙස බලපා ඇත. දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑමක් වන දිගු කාලීන නියං තත්ත්වය ශ්‍රී ලංකාවටද 2015 අග භාගයේ සිට 2018 මුල් භාගය දක්වාම බලපාන ලදී. එය උතුරු මැද පළාත පමණක් නොව වියළි කලාපයේ පිහිටි සියලු පළාත්වලට බලපා ඇත. එහෙත් එම පළාත් අර්ධ කාන්තාර තත්ත්වයට පත් වී නොමැත.
(iii) ශ්‍රී ලංකාවට ගංවතුර, නියඟය, නායයෑම් ආදී ස්වාභාවික ව්‍යසන ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපාන්නේ දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑමයි.
(iv) ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් වීම නිසාම දේශගුණික විපර්යාසවල අවබලපෑම හේතුවෙන් දිගුකාලීන නියං තත්ත්වය, ක්ෂණික ගංවතුර, නායයෑම්වල වැඩිවීමක් දක්නට ඇත.
(ආ) (i) මේ වන විටත් ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීම සඳහා ප්‍රමාණවත් ජාතික ප්‍රතිපත්තීන් පවතින අතර, ඒවා පහත පරිදි වේ.
(ii) මෙම ප්‍රතිපත්ති කලින් කලට, කාලෝචිත පරිදි යාවත්කාලීන කරනු ලැබේ.
(ඇ) දේශගුණ විපර්යාස සඳහා අනුහුරු වීම හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම පිළිබඳ ජාතික වශයෙන් විශේෂඥ කමිටු දෙකක් දැනටමත් පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති අතර, දේශගුණ විපර්යාස සඳහා ශ්‍රී ලංකාවට ඇති අවදානම පිළිබඳව අධ්‍යයන කිහිපයක් ද සිදු කර ඇත. එසේම එම අවදානම් තත්ත්ව අවම කිරීම සඳහා අනුහුරුවීමේ සැලසුමක් 2016-2025 කාලයට සකස් කර ක්‍රියාත්මක කරමින් පවතී.
එසේම අනාගත දේශගුණ අවදානම දැනටමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිතියම් කොට ප්‍රකාශයට පත්කර තිබේ.
(ඈ) ඉහත (ඇ) පිළිතුර අනුව දැනටමත් සිදු කරමින් පවතී.
(ඉ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2020-11-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks