පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-07-06
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඇඹිලිපිටිය මිද්දෙනිය පාර යන ලිපිනයේ ඒස් පවර් ඇඹිලිපිටිය (ප්‍රයිවට්) ලිමිටඩ් (ACE Power Embilipitiya (Pvt.) Limited) විසින් මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් දැවිතෙල් (furnace oil) ආශ්‍රිත විදුලි බලාගාරයක් ස්ථාපිත කර ඇත.
(ii) බලාගාරය මඟින් විමෝචනය වන අපද්‍රව්‍ය, ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රකාශයට පත් කර ඇති ප්‍රමිති හා උපමාන අනුව මුදා හරින බව වාර්තා අනුව තහවුරු වන බැවින් හා 2020.08.25 දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ සිදු කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ නිරීක්ෂණ මත මෙම බලාගාරය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කර ඇති බවත්, දැනට බලාගාරය සඳහා නිකුත් කර ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රය 2020.08.26 සිට 2021.08.25 දක්වා වලංගුව පවතින බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.
පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නෛතික වශයෙන් නිකුත් කරනු ලබන්නේ එම ක්‍රියාකාරිත්වය මඟින් පිටකරනු ලබන විමෝචන ජාතික පාරිසරික පනත යටතේ ගැසට් කරන ලද ප්‍රමිති හා උපමානවලට අනුකූල නම් පමණක් වන බවත්, පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් සහිතව ක්‍රියාත්මක වන මෙම බලාගාරය මඟින් නිකුත් කරනු ලබන විමෝචන, ප්‍රමිති හා උපමානවලට අනුව නිකුත් කරනු ලබන බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.
(iii) මෙම බලාගාරය ආයෝජන මණ්ඩලය යටතේ ලියා පදිංචි කර්මාන්තයක් වන අතර, බලාගාරය සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාදීම ආයෝජන මණ්ඩල පනතේ ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සිදු කරනු ලබයි. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා දීමට අවශ්‍ය එකඟතාව (concurrence) ලබා දීමේදී හා අලුත් කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව වායු විමෝචන තත්ත්ව වාර්තාවක් (Stack Emission Report) ශබ්ද මැනුම් වාර්තාවක් (Noise Measurement Report) අපජල විශ්ලේෂණ වාර්තාවක් (Waste Water Analytical Report) කම්පන තත්ත්ව වාර්තාවක් (Vibration Level Report) ලබා ගැනීම සිදු කර ඇත. මෙම වාර්තා මධ්‍යම පරිසර අධිකාරියේ ලියා පදිංචි ආයතන මඟින් (කාර්මික තාක්ෂණික ආයතනය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය) ලබාගෙන ඇත. එකී වාර්තා අනුව අදාළ පරාමිතීන් සම්මත ධාරණ සීමා තුළ පැවතීම සැලකිල්ලට ගෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සිදු කර ඇති බවත්, පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේදී බලාගාරයේ භාවිතයෙන් ඉවත් වන මඩිති තෙල් (sludge oil) බැහැරලීම සඳහා උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රයක් සහිත ආයතනයක් වෙත ලබාදීම සහ එහි වලංගුතාව සැලකිල්ලට ගෙන සිදු කරනු ලබන බවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තා කර ඇත. එසේම, බලාගාරය සඳහා බලපත්‍ර ලබාදීමේදී තාක්ෂණික වාර්තාවල නිර්දේශ මත නිසි ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කර ඇති බවත්, මෙම බලාගාරය සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබා දීමේ නිසි ක්‍රමවේද අනුගමනය කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.
(ආ) (i) ඒස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම (ACE Power Embilipitiya (Pvt.) Limited)
(ii) ඒස් පවර් ඇඹිලිපිටිය (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (Power Purchase Agreement) මුලින්ම වසර 10ක කාලයක් සඳහා 2003.05.09 දින අත්සන් කර ඇති අතර, එය 2005.04.05 දින සිට 2015.04.04 දක්වා බලපවත්වා ඇති බවත්, ඉන් අනතුරුව තෙවතාවකදී දෙපාර්ශ්වය විසින් ගිවිසුම දීර්ඝ කර ඇති බවත්, අවසන් වරට අත්සන් කළ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම 2021.04.05 දින අවසන් වී ඇති බවත් විදුලිබල අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇත.
(iii) 2020.08.25 දිනැති ක්ෂේත්‍ර පරීක්ෂණයට අනුව, බලාගාරයේ ක්‍රියාකාරිත්වයෙන් ජනනය වන ශබ්දය, දුම් සහ කම්පනය අවම කිරීමට තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කර ඇති බවත්, මීට අමතරව බලාගාරය වටා භූමි ප්‍රදේශය තුළ හරිත වන ආවරණයක් නඩත්තු කිරීම අදාළ සමාගම විසින් සිදු කරනු ලබන බවත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.
කෙසේ වුවද, දක්වා ඇති කරුණු මත මේ පිළිබඳව නැවත ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අදාළ දිස්ත්‍රික් කාර්යාලයට දැනුම් දී ඇති අතර, ඒ අනුව පරිසර දූෂණයක් සිදු වන බව නිරීක්ෂණය වේ නම්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දන්වා යැවීමට කටයුතු කරනු ලබන බවත්, එසේ පාලනය කිරීමට කටයුතු නොකරන්නේ නම් නීතිමය පියවර ගැනීමටද කටයුතු කරන බවත් මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තා කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-07-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks