01

E   |     |  

 දිනය: 2021-06-11   පිළිතුර ලබා දී ඇත 

0076/2021: ඊටීඑෆ් හි ලියා පදිංචි රත්නපුර දිස්ත්‍රික්කයේ ආයතන: විස්තර

----

අසන ලද දිනය

2021-06-11

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        පෞද්ගලික ආයතන සංඛ්‍යාව 3,314කි.

              (ii)      එම ආයතනවල නම් ඇමුණුම 01හි සඳහන් වේ. එය දීර්ඝ ඇමුණුමක්.

             (iii)      සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය ලබා ගෙන ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ සේවක සංඛ්‍යාව 72,615කි.

                        එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 හි සඳහන් වේ.

ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

(ආ) රජයේ විශ්‍රාම වැටුපක් නොලබන සේවකයන් ‍සේවයේ යෙදවූ අර්ධ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා, අධිකාරි, බැංකු, රජය සතු සමාගම් සහ සියලු පෞද්ගලික අංශයේ මාසික වැටුප්, දෛනික වැටුප්, කොන්ත්‍රාත් වශයෙන් සහ කෑලි වැටුප් ලබන සියලු සේවකයන්, එමෙන්ම සේවකයන්ගේ දළ මාසික වැටුපෙන් සියයට 3ක මුදලක් සේවා යෝජක විසින් මණ්ඩලය වෙත මුලින්ම එවීමේදී ලියා පදිංචිය ආරම්භ වේ.

 

ස්වයං රැකියාවල නියුක්ත වූවන් සහ සංක්‍රමණික සේවකයන් ඔවුන් විසින්ම මාසික දායක මුදල් ගෙවා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ලියා පදිංචි වීමට සුදුසුකම් ලබයි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-10-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks