01

E   |     |  

 දිනය: 2011-01-06   පිළිතුර ලබා දී ඇත 

0886/2011: Admission of Schools for Grade 1

0886’/10

 ගරු විජිත හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ පැපිලියවල, පල්ලේගම පිහිටි බප/ගම්/ආනන්ද විද්‍යාලයේ වර්ෂ 2011 සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත්කර ගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ දිනයන් කවරේද;

     (ii) සුදුසුකම් ලද හා නොලද අයදුම්කරුවන්ගේ නම්, ලිපිනයන්, අදාළ ගනය හා ලකුණු වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) (i) අමාත්‍යාංශයේ අදාළ චක්‍රලේඛයට අනුව අයදුම්පත්‍රයේ සඳහන් ලියාපදිංචි ඡන්ද හිමි නාම ලේඛනවල තොරතුරු සනාථ කර ගැනීම පිණිස ග්‍රාම නිලධාරී ලිපියක් අවශ්‍ය වන්නේද යන්නත්;

     (ii) ග්‍රාම නිලධාරී ලිපියක් නොතිබූ පමණින් චක්‍රලේඛයේ සඳහන් අනෙකුත් සනාථ කිරීමේ ලිපි ලේඛන පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කිරීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හැකියාව තිබේද යන්නත්; එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ග්‍රාම නිලධාරී ලිපියක් නොතිබූ ඇතැම් අයදුම්කරුවන් නැවත සම්මුඛ පරීක්ෂණයට වෙනත් දිනයක කැඳවා තිබූ බවත්;

     (ii) ඒ සඳහා විධිමත් දැනුම් දීමක් කර නොතිබූ බැවින් එක් අයදුම්කරුවෙකු අසාධාරණයට ලක්ව ඇති බවත්; එතුමා පිළිගන්නෙහිද?

(ඈ) (i) මේ අනුව අසාධාරණයට ලක් වූ එම අයදුම්කරුට සාධාරණය ඉටුකර දීමටත්;

     (ii) මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්; එතුමා පියවර ගන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-06

අසන ලද්දේ

ගරු විජිත හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks