01

E   |     |  

 දිනය: 2021-04-08   පිළිතුර ලබා දී ඇත 

0068/2021: රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති පවුල්: ඉඩම් ලබාදීම

----

අසන ලද දිනය

2021-04-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ගරු කථානායකතුමනි, හේෂා විතානගේ මන්ත්‍රීතුමා විසින් අසා තිබෙන ප්‍රශ්නයේ ඉඩමක් නොමැති පවුල් සංඛ්‍යාව 6,579ක් කියලා එතුමා සඳහන් කර තිබෙනවා. නමුත්,  එම ප්‍රමාණය 20,000කට වැඩියි.  2016දී කළ සමීක්ෂණය වැරැදියි. එම ප්‍රමාණය 23,000කටත් වැඩියි  කියලා තමයි අපට කියන්න තිබෙන්නේ.

           ප්‍රශ්නයේ,

(ආ)         (i)         යටතේ  ඔබතුමා යෝජනාවක් කරමින් ප්‍රශ්නයක් අහනවා. එහෙම ක්‍රමවේදයක් අපි තවම සූදානම් කර නැහැ කියන එක ඔබතුමාට ප්‍රකාශ කරනවා.

(ii) විකල්ප ක්‍රියාමාර්ග විධියට දැනට, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින්, "සියපත" නිවාස සහ අඩු ආදායම්ලාභී කුලී නිවැසියන් වෙනුවෙන් තවත් ව්‍යාපෘති ගණනාවක් කෙරෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය තුළ "ඔබට ගෙයක්- රටට හෙටක්" සහ "මිහිඳු නිවහන" යන වැඩ පිළිවෙළවල් මේ කාල වකවානුව තුළ යෝජනා කර තිබෙන විධියට ක්‍රියාත්මක වුණාම මේ ඉලක්කයට යන්න පුළුවන්. අපි ඒ විධියට සැලසුම් කර තිබෙනවා.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks