පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
61/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015 වර්ෂයේ සිට මේ වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දරන ලද/දරන පුද්ගලයන්ගේ නම් හා ඔවුන්ගේ තනතුරු කවරේද; (ii) එම කාලසීමාව තුළ එක් එක් පුද්ගලයා නිරත වූ නිල විදේශ සංචාර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම එක් එක් නිලධාරියාගේ නිල විදේශ සංචාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද; (iv) එම නිල විදේශ සංචාර තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වු ප්‍රතිලාභ කවරේද; (v) යම් ප්‍රතිලාබයක් ලබා තිබේනම්, ඒ පිළිබඳ තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-08
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ හා ක‍්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දරන ලද/ දරන පුද්ගලයින්ගේ නම් හා ඔවුන්ගේ තනතුරු ඇමුණුම 01* වශයෙන් ඉදිරිපත් කරමි.
(ii) එම කාල සීමාව තුළ එක් එක් පුද්ගලයා නිරත වූ නිල විදේශ සංචාර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02* වශයෙන් ඉදිරිපත් කරමි.
(iii) එම එක් එක් නිලධාරියාගේ නිල විදේශ සංචාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම ඇමුණුම 03* වශයෙන් ඉදිරිපත් කරමි.
(iv) එම නිල සංචාර තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අත් වූ ප්‍රතිලාභ ඇමුණුම 04* වශයෙන් ඉදිරිපත් කරමි. ඇමුණුම් සියල්ල මා සභාගත* කරනවා.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-12-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks