01

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0055/2020: Drinking water problem in Badulla district

55/2020 ගරු චමින්ද විජේසිරි මහතා,— ජලසම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ගම්මාන අතරින් පානීය ජල දුෂ්කරතා ඇති ගම්මාන සංඛ්‍යාව කොපමණද; (ii) එම ගම්මානවල නම් කවරේද; (iii) එම ගම්මානවල පානීය ජල ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද; (ආ) නොඑසේ නම්,ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජල සම්පාදන මණ්ඩලයේ හෝ ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම නොමැති, පානීය ජල දුෂ්කරතා පවතින ග්‍රාම නිලධාරි කොට්ඨාස 173ක් ඇත.

              (ii)      එම ගම්මානවල නම් ඇමුණුම 01 යටතේ ඉදිරිපත් කර ඇත.

             (iii)      එම ග්‍රාම නිලධාරි කොට්ඨාස 173 අතරින් කොට්ඨාස 103ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජල සම්පාදනය හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ආවරණය කෙරේ. අනෙකුත් කොට්ඨාස ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් යෝජිත නව ජල යෝජනා ක්‍රම යටතේ ආවරණය කිරීමට නියමිතය.

මේවා නිකම් වචනයට කියනවා නොවෙයි, ගරු මන්ත්‍රීතුමනි. මේ සියලු තොරතුරු සංයුක්තව අපේ ඇමුණුම්වල පෙන්වනවා. මේ මොනවාද, කවදාද කරන්නේ, කොහොමද කරන්නේ කියන කරුණු මේ ඇමුණුම්වල සඳහන් වෙනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල යෝජනා ක්‍රම ඇමුණුම 02 මඟින් ද, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කිරීමට යෝජිත ජල යෝජනා ක්‍රම ඇමුණුම 03 මඟින් ද දක්වා ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2020-10-16

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks