04

E   |     |  

 දිනය: 2021-03-25   පිළිතුර ලබා දී ඇත 

0048/2021: කැසිනෝ බලපත්‍ර: විස්තර

----

අසන ලද දිනය

2021-03-25

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       කැසිනෝ බලපත්‍ර නිකුත් කිරිම පිළිබඳව අධිකාරිලත් ආයතනයක් හෝ ඒ පිළිබඳව රෙගුලාසි මෙතෙක් සකස් කර නොමැත. ඒ අනුව, බලපත්‍ර කිසිවක් නිකුත් කර නොමැත.

(ආ)          (1)      නම්: ඉහත (අ) අනුව අදාළ නොවේ.

               (2)      ලිපින: ඉහත (අ) අනුව අදාළ නොවේ.

(3) බලපත්‍ර අංක: ඉහත (අ) අනුව අදාළ නොවේ.

(4) පළමුවරට බලපත්‍රය ලබා දී ඇති දිනය හෝ වර්ෂ: ඉහත (අ) අනුව අදාළ නොවේ.

(5) කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන ස්ථානවල ලිපින: 2013 අංක 19 දරන ඔට්ටු ඇල්ලීම හා සූදූ බදු (සංශෝධන) පනත අනුව, 2013 ජනවාරි 01 දින හෝ ඉන් පසු බුකිකරුවෙකුගේ ව්‍යාපාරයක හෝ සූදූ ව්‍යාපාරයක යෙදෙන ඕනෑම පුද්ගලයෙකු බද්ද ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු වුවද, 2015 අංක 14 දරන ඔට්ටු අල්ලීම හා සූදූ බදු (සංශෝධන) පනත මඟින් 2013 මැයි 31 සිට ක්‍රියාත්මක වන පරිදි එසේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව ඉවත් කර ඇත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති කැසිනෝ ව්‍යාපාර හතරක තොරතුරු පහත දැක්වේ.

 

 

නම

ලිපිනය

බදු සඳහා ලියා පදිංචි අංකය

ලියාපදිංචිය ලබාගෙන ඇති දිනයන්

කැසිනෝ ව්‍යාපාරයන් පවත්වාගෙන යන ස්ථානයන්ගේ ලිපිනයන්

01

ස්ටාර් ඩස්ට්

රෑන්ක් එන්ටර්ටේන්ට්මන්ට් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම, අංක 09, 15 වන පටුමඟ, කොළඹ 03

GL-2004

2005.05.20

රෑන්ක් එන්ටර්ටේන්ට්මන්ට් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම, අංක 09, 15 වන පටුමඟ, කොළඹ 03

02

Bellagio ලිමිටඩ්

අංක 430, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04

GL-2077

2000.02.01

අංක 430, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04

03

බැලීස් ලිමිටඩ්

අංක 34, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10

GL-2078

1996.01.30

අංක 34, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10

04

මරීනා කලම්බු

අංක 30, 14 වන පටුමග, මරීනා ඩ්‍රයිව්, කොළඹ 03

GL-2082

2011.01.01

අංක 30, 14 වන පටුමග, මරීනා ඩ්‍රයිව්, කොළඹ 03.

 

(ඇ) ඉහත (අ) අනුව පැන නොනඟී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-03-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks