පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-02-25
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 6,810කි.
(ii) ජ්‍යෙෂ්ඨතාව මත උසස්වීම් ලැබීමට වසර 08ක්ද, කුසලතා පදනම සහ සීමිත තරග විභාග පදනම මත උසස්වීම් ලැබීමට වසර 05 බැගිනුත් සේවා කාලය සම්පූර්ණ කළ යුතුය.
(iii) ඔව්.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අංක NPC/ED/NG/PR/07/me PRO/2019 හා 2020.02.18 දිනැති ලිපියේ අනුමැතිය සහ අංක 20/0373/203/036 හා 2020.02.15 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව දීර්ඝ කාලීනව උසස්වීම් නොලබා සිටි නිලධරයන්ට උසස්වීම් ලබාදීමේ යෝජනාවලිය යටතේ අදියර 03ක් අනුව උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබා දී ඇත.
|
දිනය |
උසස්වීම් ලබා දුන් සංඛ්‍යාව |
|
2019.01.01 |
760 |
|
2019.07.01 |
1,114 |
|
2020.01.01 |
170 |
|
එකතුව |
2,044 |
තවද, 2020.10.23 වන දින යොමු අංක NPC/ED/NGO/06/OR/07/2020 (Vol 1, II, III) යටතේ අනුමත කර ඇති එකී බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩු අංක 46/2021 සහ 55/2021 යටතේ නඩු පවරා ඇති බවත්, ඒ අනුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2021.10.22 දින දක්වා මෙම පටිපාටියට අනුව උසස්වීම් ලබාදීම අත්හිටුවා ඇත. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලබන නියෝග අනුව ඉදිරි උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරනු ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-09-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks