පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
39/2020 ගරු හේෂා විතානගේ මහතා,— රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ආයතන සංග්‍රහයේ xxii පරිච්ඡේදයේ; (i) 18:2:1 උප වගන්තියට අනුව රාජ්‍ය සේවයේ නියුතු නිලධාරිනියකට සෑම සජිවි දරු උපතක් සඳහාම රජයේ වැඩ කරන දින 84ක සම්පුර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි විය යුතු බවත්; (ii) 18:3:1 උප වගන්තියට අනුව දරුවා රැක බලා ගැනිමට දින 84ක අඩ වැටුප් සහිත නිවාඩුවක් හිමි විය යුතු බවත්; (iii) 18:4:1 උප වගන්තියට අනුව අවශ්‍ය නම්, තවත් දින 84ක වැටුප් රහිත නිවාඩුවක් ලබා දිය හැකි බවත්; (iv) ඉහත (i) යටතේ නිවාඩු ගණන් බැලිමේදි නිවාඩු කාලය තුළ ඇති සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු ඇතුළත් නොකළ යුතු බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) එසේ වුවද, එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද උපාධීධාරී පුහුණු වැඩසටහන යටතේ බඳවා ගත් නිලධාරීනියන්ට ලබා දී ඇති පත්වීම් ලිපි අනුව ඔවුන්ට ලබා දෙනු ලබන්නේ සති 06ක ප්‍රසුත නිවාඩුවක් බව පිළිගන්නේද; (ii) ඔවුන්ට ආයතන සංග්‍රහය අනුව හිමිවිය යුතු ප්‍රසුත නිවාඩු ලබා දීමට පියවර ගන්නේද; (iii) එසේ නම්, කවර දිනයක සිටද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-05-18
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පිළිගනිමි.
(ii) පිළිගනිමි.
(iii) පිළිගනිමි.
(iv) පිළිගනිමි.
(ආ) (i) පිළිගනිමි. ඔවුන්ගේ පත්වීම් ලිපිය අනුව ලබා දෙන සති 06ක නිවාඩු කාලසීමාවෙන් ඔබ්බට ලබා ගන්නා නිවාඩු සඳහා එක් දිනක නිවාඩුවට මාසික දීමනාවෙන් 1/30 බැගින් අඩු කරනු ලැබේ.
(ii) කාන්තා උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ ප්‍රසූති නිවාඩු සම්බන්ධයෙන් ඔවුන්ගේ පත්වීම් ලිපියෙහි සඳහන් විධිවිධානවලට පරිබාහිරව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිවාඩු ලබා දීමේ හැකියාවක් නොමැත. කෙසේ වෙතත් ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගත් කාන්තා උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ඔවුන්ගේ පත්වීම් ලිපියෙහි සඳහන් ප්‍රසූති නිවාඩුවලින් පරිබාහිරව යම් යම් සහන ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කර ඇත.
උදා: 2013.02.14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2013
ඒ අනුව 2020 වර්ෂයේ බඳවාගත් කාන්තා උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ප්‍රසූති නිවාඩු ලබා දීමට අනුමැතිය පතා අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් 2021.04.06 දිනැතිව ඉදිරිපත් කර ඇත.
(iii) අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අදාළ විධිවිධාන නිකුත් කරනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-05-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks