පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
37/2020 ගරු හේෂා විතානගේ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (අ) (i) ජනතාව වෙත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වර්තමානයේදී අවශ්‍ය වන වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (ii) 2019.01.01 දිනය වනවිට රාජ්‍ය සේවය තුළ සේවයේ යෙදි සිටි වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (iii) ඉදිරි වර්ෂවලදි රාජ්‍ය සේවයට බඳවා ගැනිමට යෝජිත වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද; (iv) එම වෛද්‍ය උපාධීධාරීන් සංඛ්‍යාව බිහිකර ගැනීම සඳහා රජය සැලසුම් සකස් කර ඇති ආකාරය කෙසේද? යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-06-09
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අනුමත කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 21,059කි.
(ii) 2019.01.01 දිනය වන විට රාජ්‍ය සේවය තුළ සේවයේ යෙදී සිටි වෛද්‍යවරු සංඛ්‍යාව 19,720කි.
(iii) සෑම වර්ෂයකදීම වෛද්‍ය නිලධාරින් 1,300ක් රාජ්‍ය සේවයට බඳවා ගැනේ. (ඉදිරියේදී ඇති වන සේවා අවශ්‍යතාව අනුව මෙම ප්‍රමාණය වෙනස් විය හැකිය.)
(iv) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2020/21 අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය වෛද්‍ය විද්‍යා පිළිබඳ උපාධිය ආරම්භ කිරීමට මූලික පියවර ගෙන ඇත. එම අධ්‍යයන වර්ෂය සඳහා සමස්තය හැටියට වෛද්‍ය සිසුන් 1,864ක් බඳවා ගන්න යෝජනාවෙලා තිබෙනවා.
එමෙන්ම පහත විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමටද යෝජනා කර ඇත.
|
|
විශ්වවිද්‍යාලය |
යෝජිත බඳවා ගැනීම් 2020/21 |
|
1 |
කොළඹ විශ්වවිද්‍යාලය |
214 |
|
2 |
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
184 |
|
3 |
කැලණිය විශ්වවිද්‍යාලය |
189 |
|
4 |
පේරාදෙණිය විශ්වවිද්‍යාලය |
225 |
|
5 |
මොරටුව විශ්වවිද්‍යාලය |
90 |
|
6 |
යාපනය විශ්වවිද්‍යාලය |
174 |
|
7 |
රුහුණු විශ්වවිද්‍යාලය |
250 |
|
8 |
නැඟෙනහිර විශ්වවිද්‍යාලය |
104 |
|
9 |
රජරට විශ්වවිද්‍යාලය |
200 |
|
10 |
වයඹ විශ්වවිද්‍යාලය |
135 |
|
11 |
සබරගමුව විශ්වවිද්‍යාලය |
99 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks