පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
36/2020 ගරු හේෂා විතානගේ මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2015,2016,2017,2018 සහ 2019 වර්ෂවලදි ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය; (ii) ඒ අනුව, 2015,2016,2017,2018,සහ 2019 වර්ෂ වලදී සහල් ආනයනය සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) ඉහත කී වර්ෂවල සහල් ආනයනයේ දී සහල් කිලෝවක් සඳහා අයකරන ලද බදු මුදල; (ii) ඉහත වර්ෂවලදි සහල් ආනයනය සඳහා අය කරන ලද මුළු බදු මුදල් ප්‍රමාණය; වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) ඉහත වර්ෂවලදී සහල් මිල උච්චාවචනය වූයේ කවර ආකාරයෙන්ද යන්න වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් පූර්ණ වාර්තාවක් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද? (ඈ) නොඑසේ නම්,ඒ මන්ද?
අසන ලද දිනය
2021-04-20
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ සම්පූර්ණ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 1,197,340ක් වන අතර වාර්ෂිකව ආනයනය කළ ප්‍රමාණය;
|
2015 වර්ෂයේ |
මෙට්‍රික් ටොන් 275,357 |
|
2016 වර්ෂයේ |
මෙට්‍රික් ටොන් 28,293 |
|
2017 වර්ෂයේ |
මෙට්‍රික් ටොන් 669,322 |
|
2018 වර්ෂයේ |
මෙට්‍රික් ටොන් 200,433 |
|
2019 වර්ෂයේ |
මෙට්‍රික් ටොන් 23,934 |
(ii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කළ සහල් සඳහා වැය වූ සම්පූර්ණ මුදල් රුපියල් 77,449,895,026.50ක් වන අතර වාර්ෂිකව ඒ සඳහා වැය වූ මුදල;
|
2015 වර්ෂයේ |
රුපියල් 17,486,930,839.00 |
||||||||||||||||||||||||
|
2016 වර්ෂයේ |
රුපියල් 1,828,326,086.00 |
||||||||||||||||||||||||
|
2017 වර්ෂයේ |
රුපියල් 41,743,978,216.50 |
||||||||||||||||||||||||
|
2018 වර්ෂයේ |
රුපියල් 14,115,769,586.00 |
||||||||||||||||||||||||
|
2019 වර්ෂයේ |
රුපියල් 2,274,890,299.00
(iii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඉහත කී වර්ෂවල සහල් ආනයනය කිරීමේදී සහල් කිලෝවක් සඳහා බදු අය කර තිබෙන ආකාරය ඇමුණුම 01හි සඳහන් පරිදි මෙසේයි:
(iv) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා කාලය තුළ සහල් ආනයනය කිරීම සඳහා අය කරන ලද මුළු බදු මුදල් ප්‍රමාණය රුපියල් 8,835,198,461ක් වෙයි. වාර්ෂිකව අය කරන ලද බදු මුදල් ප්‍රමාණය පිළිබඳ විස්තර ඇමුණුම් 02 හි සඳහන් පරිදි මෙසේයි:
(ආ) මෙම ප්‍රශ්නය මඟින් විමසා ඇත්තේ ආනයනික සහල් මිලෙහි උච්චාවචනය ද නො එසේ නම් දේශීය විවෘත වෙළෙඳ පොළේ මිල උච්චාවචනය ද යන්න පැහැදිලිව සටහන්ව නොමැති නමුත් ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරුවලට අනුව 2015 සිට 2019 දක්වා වර්ෂවලදී ආනයනික සහල් මිල උච්චාවචනය වූයේ කවර ආකාරයකින් ද යන්න සහ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති තොරතුරුවලට අනුව දේශීය වෙළෙඳ පොළේ සහල් මිල උච්චාවචනය වූයේ කවර ආකාරයකින්ද යන්න පිළිබඳ විස්තර ඇමුණුම 03 හි දක්වා ඇත. ඇමුණුම 03 සභාගත* කරමි. (ඇ) අදාළ නොවේ.
|
පිළිතුරු දුන් දිනය
2021-04-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks