E   |     |  

 දිනය: 2021-02-12   පිළිතුර ලබා දී ඇත 

0033/2021: කූරගල පුරාවිද්‍යා ස්ථානය: සංරක්ෂණය

----

අසන ලද දිනය

2021-02-12

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       කූරගල පුරාවිද්‍යා ස්ථානය 1971 වර්ෂයේදී පුරාවිද්‍යා තහනම් ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන් සිට එය නඩත්තු කර මහ ජනයා සඳහා ප්‍රදර්ශනාත්මක මට්ටමින් පවත්වාගෙන යනු ලබයි.

           2013 වර්ෂයේදී එවකට ආරක්ෂක ලේකම්ව සිටි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් කූරගල ප්‍රාග් ‍‍‍ඓතිහාසික ලෙණක් යොදා ගනිමින් මුස්ලිම් ජනතාව විසින් වැඳුම් පිදුම් කරන ස්ථානය ආශ්‍රිතව තිබූ සියලු  අනවසර ගොඩනැඟිලි ඉවත් කරන ලදී. එසේ වුවත්, එම ලෙණට සම්බන්ධ ඉදිකිරීම් කොටස පමණක් මේ දක්වා ඉවත් කර නොමැත.

2019 වර්ෂයේ කූරගල සංරක්ෂණය සඳහා ඉටු කර ඇති කාර්යයන්:

i. කූරගල සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා නියමු සැලසුමක් - master plan එකක් - සකස් කිරීම.

ii. ඉහළ චෛත්‍ය දක්වා ප්‍රවේශ මාර්ගයේ පිය ගැට පෙළ සකස් කිරීම.

iii. ප්‍රවේශ මාර්ගය ඔස්සේ ඉහළ චෛත්‍ය දක්වා භූගත විදුලි සැපයුමක් ලබා දීම.

iv. චෛත්‍ය අසල වැලි මළුවක් සකස් කිරීම.

v. 2019 වර්ෂයේදී කූරගල වටද්දර ලෙණට වස් විසීම සඳහා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කිරීම නිසා එම ලෙණට ප්‍රවේශ මාර්ගය සැකසීම හා ලෙණ තුළ අලුත්වැඩියා කටයුතු ඉටු කිරීම.

2020 වර්ෂයේ කූරගල සංරක්ෂණය සඳහා ඉටු කර ඇති කාර්යයන්:

i. අකුණක් වැදීම නිසා අක්‍රිය වූ විදුලි පද්ධතිය නැවත සැකසීම සඳහා රුපියල් 3,74,000ක් වෙන් කිරීම.

ii. පානීය ජල සැපයුම් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් 7,97,000.00ක් වෙන් කිරීම.

iii. අස්ගිරි පාර්ශ්වයේ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් කූරගල නව චෛත්‍යයක් සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළ අතර එම ඉල්ලීම පුරාවිද්‍යා උපදේශක සභාවෙන් අනුමත කර මේ වන විට අවසර ලබා දීම.

iv. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නියමු සැලැස්මට අනුව එම ස්වාමීන් වහන්සේ විසින් සංරක්ෂණ කටයුතු හා භූ දර්ශන කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks