01

E   |     |  

 දිනය: 2021-02-23   පිළිතුර ලබා දී ඇත 

0032/2021: ඉන්ධන විකුණ‍ුම් මිල: ලාභ/පාඩු

----

අසන ලද දිනය

2021-02-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඇමුණුම 01*හි දක්වා ඇත.

                        මම එහි අවසාන ඡේදය කියවන්නම්. 2019 සැප්තැම්බර් 10වන දින තමයි අවසාන වතාවට මිල ගණන් වෙනස් කිරීමක් කරලා තිබෙන්නේ. ඒ, තමුන්නාන්සේලාගේ ආණ්ඩුව කාලයේ. පෙට්‍රල් ඔක්ටේන් 95 - රුපියල් 161යි. පෙට්‍රල් ඔක්ටේන් 92 - රුපියල් 137යි. ඩීසල් රුපියල් 104යි. සුපර් ඩීසල් රුපියල් 132යි. භූමිතෙල් රුපියල් 70යි.

ගරු ඇමතිතුමනි, අපේ ආණ්ඩුව පටන් ගන්න කොට තිබුණ‍ු මිල ගණන් කීයද  කියන්න?

පෙට්‍රල් ඔක්ටේන් 95 - රුපියල් 128යි. පෙට්‍රල් ඔක්ටේන් 92 - රුපියල් 117යි. ඩීසල් රුපියල් 95යි. සුපර් ඩීසල් රුපියල් 110යි. භූමිතෙල් රුපියල් 49යි.

(ii) ඇමුණුම 02*හි දක්වා ඇත.

එහිදීත්, අවසාන වශයෙන් මේ වාර්තාව හැදුවාට පස්සේත් බදු සංශෝධනය වුණා. ගරු මන්ත්‍රීතුමනි, මිල මේ ආකාරයෙන් පවත්වාගෙන යෑම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩුත් ලබන අතරේ, භාණ්ඩාගාරය විසින් දිගින් දිගටම ඒ මත පනවා තිබුණු බදු අඩු කිරීමකුත්  කළා. අවසාන වශයෙන් බදු අඩු කිරීමක් කළේ, පෙබරවාරි මාසයේ 2වැනි දා. පෙබරවාරි මාසයේ 2වැනි දා වන විට පෙට්‍රල් ඔක්ටේන් 92 මත රේගු ආනයන තීරු බද්ද රුපියල් 21ක්  ලෙස තිබෙනවා. ඊළඟට, විශේෂ තීරු බද්ද රුපියල් 27ක් ලෙස තිබෙනවා. වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද  -මිල මත- සියයට 7.5ක් ලෙස තිබෙනවා. 

ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි

පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් සඳහා රුපියල් 42ක ආනයන තීරු බද්දක් තිබෙනවා, රුපියල් 27ක විශේෂ තීරු බද්ද තිබෙනවා. ඒ වාගේම ඒ මත සියයට 7.5ක වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්දක් අය කරලා තිබෙනවා. ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 11ක තීරු බද්දකුත්, රුපියල් 6ක විශේෂ බද්දකුත්, PAL යනුවෙන් හඳුන්වන වරාය හා ගුවන් තොටුපොළ බද්දත් සියයට 7.5ක් තිබෙනවා. සුපර් ඩීසල්වලට ආනයන තීරු බද්ද රුපියල් 25යි, විශේෂ තීරු බද්ද රුපියල් 13යි. ඒ වාගේම, සෑම ආනයන භාණ්ඩයක් මත අය කරන සියයට 7.5ක වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්දත් තිබෙනවා.

(iii)    පිළිතුර ඇමුණුම 3*හි දක්වා තිබෙනවා.

ඇමුණුම සභාගත* කරමි.

ඒ අනුව 2020 නොවැම්බර් වන විට පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් සඳහා රුපියල් 65.62ක්, ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 67.85ක්, භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 66.56ක්, Jet A-1 ලීටරයක් සඳහා රුපියල් 65.44ක් අය කරලා තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමනි, නිෂ්පාදන ගාස්තු මෙහෙමයි. සමස්ත ජාතික අවශ්‍යතාවෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් තමයි රට තුළ පිරිපහදු කිරීම සිද්ධ වන්නේ. ඒවා මත ආනයන බදු බලපවත්වන්නේ නැති නිසා තමයි මෙහෙම අඩු අගයක් ගන්නේ.

(iv) ඇමුණුම 04*හි දක්වා ඇත.

ඇමුණුම *සභාගත කරමි.

2020 නොවැම්බර් මාසය වනකොට, පෙට්‍රල් ඔක්ටේන් 92 මත ලීටරයට රුපියල් 5.58ක පාඩුවක් ලබනවා. පෙට්‍රල් ඔක්ටේන් 95 මත ලීටරයට රුපියල් 10.89ක පාඩුවක් ලබනවා. ඔටෝ ඩීසල් මත ලීටරයට රුපියල් 1.32ක ලාභයක් ලබනවා. සුපර් ඩීසල් මත ලීටරයට රුපියල් 6.30ක පාඩුවක් ලබනවා. භූමිතෙල් මත ලීටරයට රුපියල් 9.77ක පාඩුවක් ලබනවා.

 

(ආ)         (i)      පෙට්‍රල් සහ ඩීසල්වල විකුණුම් මිල මහා භාණ්ඩාගාරය හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව තීරණය කරනු ලබන අතර, 2019.09.11 සිට මේ දක්වා විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් නොමැත.

(ii) ඛනිජ තෙල් මත අය කරන බදු ලෙස භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 129.6ක්  ගෙවා ඇති අතර, එම ආදායම් රජය විසින් ජනතා ශුභසිද්ධියට යොදවනු ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2020 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ඉන්ධන මත ලද ලාභ සහ අලාභ මම ඉහතින් සඳහන් කළා.

(iii) සංස්ථාව විසින් අලාභය දරමින් මිල ස්ථාවරව පවත්වා ගැනීමෙන් පාරිභෝගිකයාට ජීවන වියදම පාලනය කර ගැනීමටත්, නිෂ්පාදකයාට නිෂ්පාදන පිරිවැය ස්ථාවර කර ගැනීමටත් හැකි වේ.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2021-02-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks