පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
18/2020 ගරු හේෂා විතානගේ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ 2200ක් ගෙන්වා ඇති බවත්; (ii) මෙම බස් රථ ලබා දී ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) 2015 වර්ෂයේ සිට එම කල්බදු ගෙ න්‍යාය පත්‍රය වීම් නතර කර තිබේද; (ii) එසේ නම්, එයට හේතුව කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-23
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) සඳහා පිළිතුර ඔව්.
2014 වර්ෂයේදී, ආසන 54 බස් රථ 1,400ක් හා ආසන 42 බස් රථ 800ක් වශයෙන් නව බස් රථ 2,200ක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන ඇත.
(ආ) (i) නැත.
අදාළ කල්බදු වාරික නියමිත පරිදි ගෙවා ඇති අතර, 2020 මාර්තු මස වන විට සියලු කල්බදු වාරික ගෙවා අවසන් කර ඇත.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2020-11-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ලොකුගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks